නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ බඳුන් දෙකක් ගෙන එන ලදී.

නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ බඳුන් දෙකක් ගෙන එන ලදී.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා ගුවන් ගමන් කරවනු ලබන දින රාත්රියේ කිරි හා මත්පැන් බඳුන් දෙකක් එතුමා වෙත ගෙන එන ලදී. පසුව ඒ දෙක වෙත හොඳින් බලා කිරි බඳුන ගත්හ. එවිට ජිබ්රීල් තුමා: "ස්වභාධර්මය (ඉස්ලාමය) වෙත ඔබට මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා ! ඔබ මත්පැන් බඳුන ගත්තෙහි නම් ඔබේ සමූහයා නොමඟ යනු ඇත." යැයි පැවසූහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

"නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වෙත ගෙන එන ලදී." එනම්: එතුමා වෙත මිඃරාජ් රාත්රිය හෙවත් ගුවන් ගමන් කළ රාත්රියෙහි ජිබ්රීල් තුමා මත් පැන් පිරුණු බඳුනක් හා කිරි පිරුණු බඳුනක් ගෙන ආහ. "එතුමා ඒ දෙක දෙස බැලූහ" එය ඒ දෙකින් එකක් තෝරා ගැනීමට දුන්නාක් මෙනි. කිරි බඳුන තෝරා ගැනීමට සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තීරණය කොට එය අතට ගත්හ. එවිට ජිබ්රීල් තුමා: ස්වභාධර්මය හෙවත් ඉස්ලාමය වෙත මඟ පෙන්වූ අල්ලාහ්ටම සියලු ප්රශංසා එනම්: ඉස්ලාමයේ හා ස්ථාවරත්වයේ සංකේතය ඔබ තෝරා ගත්තෙහිය යන්නයි. කිරි ඒ වෙත සංකේතවත් කළේ එය පානය කරන්නන් හට පිරිසිදු පිවිතුරු ඉමිහිරි පහසු පානයකි. අඩුපාඩුවලින් තොරය. ඔබ මත් පැත් ගන්නෙහි නම් ඔබේ සමූහයා ඔබ නොමඟ යවනු ඇත. බලන්න: දලීලුල් ෆාලිහීන් (7/207), රියාලුස් සාලිහීන් හි විග්රහය: (5/462)

التصنيفات

අපගේ වක්තෘ මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!)