සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි.

සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි.

තම සීයාගෙන් තම පියා ලබා ගත් හදීසක් අම්ර් ඉබ්නු ෂුඅය්බ් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ වාර්තා කරයි. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සුදු කෙස් උදුරා නොදමනු. සැබැවින් එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුස්ලිම්වරයාගේ ආලෝකයයි."

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් තිර්මිදි එය වාර්තා කර ඇත - ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත]

الشرح

සුදු කෙස් උදුරා දැමීමෙන් නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා තහනම් කළහ. එය හිසෙහි හෝ වේවා රැවුලෙහි හෝ වේවා ඒ හැර වෙනත් තැනක හෝ වේවා එක සමානය. මෙම සුදු රෝම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එහි හිමියාට ආලෝකයක් වනු ඇත. ඉමාම් සුයූතිගේ සුනන් ඉබ්නු මාජාහි විවරණය (පිටුව 264), නය්ලුල් අව්තාර් (1/151)

التصنيفات

ඇඳුම් පැළදුම් හා අලංකාරය