“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත”

“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත”

නුඃමාන් ඉබ්නු බෂීර් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර බෙදීම් ඇති කරනු ඇත” මුස්ලිම් හි එන තවත් වාර්තාවක “අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- ලී දඬු සමාන්තර ව තබනවාක් මෙන් අපගේ පේළිද සකස් කරයි. අප ඒ ගැන අවබෝධ කර ගෙන ඇතැයි එතුමාණන් දකින තෙක් එසේ විය. අනතුරු ව දිනක් එතුමාණන් පිටතට පැමිණ (සලාතය සඳහා) තක්බීර් ප්රකාශ කරන්නට යනවාත් සමගම තම පපුව පේළියෙන් එපිටට තැබූ මිනිසෙකු දුටුහ. එවිට එතුමාණන් “අල්ලාහ්ගේ ගැත්තනි” නුඹලාගේ පේළි නුඹලා සමාන්තර ව සකසා ගත යුතුය. එසේ නොමැතිනම් අල්ලාහ් නුඹලා අතර වෙන්වීම් ඇති කරනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත - බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

තම පේළි අතර ඍජුව සමාන්තරව සකසා නොගන්නේ නම් එසේ පේළි අතර ඇද ඇතිකළවුන් අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇතැයි සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණෝ තරයේ ප්රකාශ කොට ඇත. හේතුව ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා ඉදිරියෙන් සිටින විට, ඔවුහු ඔවුන් අතර හිඩැස් ඇති කරවන්නට සළස්වති. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමා එය ප්රකාශයෙන් තම සහාභාවරු දැනුවත් කළහ. ක්රියාවෙන් ඔවුන් හැඩගැස්වූහ. තම අතින් ඔවුන් කෙළින් කරන්නට වූහ. ඔවුන් ඒ ගැන වටාහා ගෙන ඇත. අවබෝධ කර ගෙන ඇත යැයි එතුමාණන් සිතන තෙක් එසේ සිදු කළහ. එක් සලාතයකදී සහාබාවරුන්ගෙන් කෙනෙකු ඔවුන් අතර පේළියේ තම පපුව ඉදිරියට නෙරපමින් සිටිනු දුටුහ. සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන් කෝප වී මෙසේ පැවසූහ. “නුඹලාගේ පේළි සමාන්තරව සකසා ගන්න. එසේ නොවේ නම් නුඹලා අතර අල්ලාහ් විරුද්ධත්වය ඇති කරනු ඇත.“

التصنيفات

සලාතය මෙහෙය වන්නා හා ඔහු අනුගමනය කරන්නා පිළිබඳ නීති, මස්ජිද් පිළිබඳ නීතිරීති