මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.

මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.

ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) විසින් වාර්තා කරන ලදී. ‘ගුණාංගයන්හි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් පවසන හදීසයකට සවන් දුන් කල්හි වෙව්ලා යන මිනිසෙකු දැක -එය හෙළා දකිමින්-. ‘මොවුන්ගේ වෙනස කුමක් ද? ස්ථාවර කරුණක දී මෘදු මොළොක් බව සොයති. සැක කරන කරුණක දී ඔවුහු විනාශ වන්නට බලති.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉබ්නු අබී ආසිම් එය වාර්තා කර ඇත.]

الشرح

පොදු ජනයා අතරින් තම සභාවට පැමිණෙන ඇතැම් මිනිසුන් පිළිබඳව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා පිළිකුල් කළේය. ගුණාංග පිළිබඳ පවසන හදීස් අතරින් යමක් ඔවුන් සවන් දෙන අවස්ථාවේදී ඔවුන් ගැන බියක් ඇතිවිය. එය දැඩි ලෙස හෙළා දැකීමෙන් වෙව්ලා යති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් නිවැරදිව පවසන දෑ පිළිබඳ අතිශයින් විශ්වාස කිරීමක් ඔවුනට නොවීය. කුර්ආනයෙන් වූ ඒහි අර්ථය ඔවුහු දැන සිටියෝය. එයයි සත්යය. එහිදී දේවත්වය විශ්වාස කරන්නකු සැක කරන්නේ නැත. නමුත් ඔවුන්ගෙන් ඇතැමෙකු අල්ලාහ් අදහස් කළ අර්ථයට පටහැනි අර්ථයක් මත පදනම්ව එමගින් ඔවුන් විනාශ වී යන්නේය.

التصنيفات

නාම හා ගුණාංග ඒකීයකරණය, අල්කුර්ආන්