සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත.…

සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. "සැබැවින්ම ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. එය අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන් වෙනුවෙන් අල්ලාහ් සූදානම් කර ඇත. තරාතිරම් දෙකක් අතර ප්රමාණය අහස හා පොළව අතර වූ ප්රමාණය මෙනි."

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත.]

الشرح

අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පුදන්නන්ගේ මහිමය පිළිබඳ මෙම හදීසයේ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා දන්වා ඇත. එමෙන්ම ඔවුන් වෙනුවෙන් ස්වර්ගයේ තරාතිරම් සියයක් සූදානම් කර ඇති බවත් තරාතිරම් දෙකක ප්රමාණය අහස හා පොළව අතර තරම් වූ ප්රමාණයක් බවත් තවදුරටත් දන්වා ඇත.

التصنيفات

මතුලොව ජීවිතය, ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය