ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය

ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය

19- “(ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට) නිවේදකයෙක් "සැබැවින්ම නුඹලාට සුව සැපවත් ජීවිතයක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක රෝගාතුර නොවනු ඇත. තවද සැබැවින්ම නුඹලාට ජීවත්වීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක මරණයට පත් නොවනු ඇත. නුඹලාට තරුණකම ඇත. එහෙයින් නුඹලා කිසිවිටෙක මහලු නොවනු ඇත. නුඹලාට භුක්ති විඳීමක් ඇත. එහෙයින් නුඹලා කිසි විටෙක බලාපොරොත්තු සුන්කර නොගනු ඇත

20- “සැබැවින්ම කීර්තිමත් උත්තරීතර අල්ලාහ් ස්වර්ග වාසීන් දෙස බලා මෙසේ පවසයි. “අහෝ ස්වර්ග වැසියනි! එවිට ඔවුහු: (එසේය,) අපගේ පරමාධිපතියාණනි! ඔබ සමීපයට පැමිණ ඔබෙන් උදව් පතමු. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය.” යැයි පවසයි. එවිට ඔහු නුඹලා තෘප්තිමත් වූයෙහු ද? යැයි විමසයි. එවිට ඔවුහු: “අපගේ පරමාධිපතියාණනි! ඔබේ මැවීම් කිසිවකුට ඔබ නොදුන් දෑ සැබැවින්ම ඔබ අපට පිරිනමා ඇත.”