සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය…

සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "සැබැවින්ම, ස්වර්ගයේ ගසක් ඇත, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් වසර සියයක් ගමන් කළ ද ඔහු එය තරණය නොකරනු ඇත."

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

ඇත්ත වශයෙන්ම ස්වර්ගයේ ගසක් ඇති බවත්, තරඟයට සූදානම් කරන ලද වේගවත් අශ්වයකු මත නැග යන කෙනෙක් ඊට පහළින් වසර සියයක් වේගයෙන් ගමන් කළ ද එහි බරවී පවතින අත්තෙහි අවසානය දක්වා ඔහුගේ ගමන ඔහු අවසන් කර නොගන්නා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.

فوائد الحديث

ස්වර්ගයේ පුළුල්භාවය හා එහි ගස්වල විශාලත්වය විස්තර කිරීම.

التصنيفات

ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය