إعدادات العرض
යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය
යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව උබාදා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත; සැබැවින්ම මුහම්මද් තුමා ඔහුගේ ගැත්තකු හා දූතයකි; ඊසා නොහොත් ජේසු තුමා අල්ලාහ්ගේ ගැත්තෙකි. ඔහුගේ දූතයෙකි. එතුමා මර්යම් වෙත හෙළූ ඔහුගේ වදනය. ඔහුගෙන් වූ ප්රාණයය; ස්වර්ගය සැබෑවකි; නිරය සැබෑවකි යන වගට කවරෙකු සාක්ෂි දැරුවේ ද, ඔහු කවර ක්රියාවෙන් පිහිටිය ද ඒ අනුව අල්ලාහ් ඔහු ව ස්වර්ගයට ඇතුළත් කරන්නේය."
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Türkçe اردو 中文 हिन्दी Tagalog ئۇيغۇرچە Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Русский Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Malagasy Lietuvių Oromoo Nederlands Soomaali Српски Українська ಕನ್ನಡ Wolof Moore ქართული O‘zbek Azərbaycan Magyarالشرح
ඇතැමුන් ගැන අල්ලාහ්ගේ දූතයාණෝ අපට දන්වා සිටියහ. කවරෙකු ඒකදේව වාදයේ ප්රකාශය, එහි අර්ථය මැනවින් වටහා ගෙන මුවින් පවසා ඉන් අපේක්ෂා කරන දෑට අනුව ක්රියා කළේද, එමෙන්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ ගැති භාවය හා එතුමාණන්ගේ දූත මෙහෙය ගැන සාක්ෂි දරා ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ ගැති භාවය හා එතුමාගේ දූත මෙහෙය පිළිගත්තේද, සැබැවින්ම අල්ලාහ් 'කුන්' (වනු) යන වදනින් ඔහුව මැවූ විට, ඔහු විය. සැබැවින්ම ඔහු අල්ලාහ් මැවූ ආත්මාවන්ගෙන් එක් ආත්මයක් බව පිළිගත්තේ ද, ඇයගේ මවට ඔහු සම්බන්ධයෙන් යුදෙව්වන් නගන චෝදනාවලින් ඇය ව නිදොස් කළ බව පිළිගත්තේ ද, ස්වර්ගය සැබෑවකි; නිරය ද සැබෑවකි; ඒවායෙහි පැවැත්ම ස්ථීරය; සැබැවින්ම අල්ලාහ්ගේ ආශිර්වාදයත් ඔහුගේ දඬුවමත් එහි ඇත යැයි විශ්වාස කළේ ද, ඔහු එම තත්ත්වයේ මිය ගියේ නම්, ඔහුගේ නවාතැන ස්වර්ගය වෙත වේ. අවනතවීමෙහි අඩුපාඩු ඇති වී නම් ඔහුට කළකම්හි පාපය ඔහු සතු වන්නේය.فوائد الحديث
කිසිදු පියකුගේ බැඳීමකින් තොර ව කුන් (වනු) යන වදනින් අල්ලාහ් ඊසා ඉබ්නු මර්යම් තුමිය ව මැව්වේය.
ඊසා (අලයිහිස් සලාම්) තුමාගේ හා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ පැවැත්ම සංසන්ධනය කර බලන්නේ නම් ඔවුන් දෙදෙනාම අල්ලාහ්ගේ ගැත්තෝ වෙති ඔහුගේ දූතයෝ වෙති. ඒ අනුව ඔවුන් දෙදෙනා බොරු නොකියන ධර්ම දූතවරු දෙදෙනෙකි. නැමදුම් නොලබන දේව ගැත්තන් දෙදෙනෙකි.
ඒකදේව වාදයේ මහිමය, පාපය සඳහා වන සමාව. ඒක දේවවාදියා ඇතැම් වැරදි කර තිබුණත් ඔහුගේ නිවහන ස්වර්ගයයි.