අවසාන දිනය පිළිබඳ විශ්වාසය

අවසාන දිනය පිළිබඳ විශ්වාසය

19- “ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්‍රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”

34- කවරෙකු අදානය (සලාතය සඳහා වූ ඇරයුම)ට සවන්දුන් අවස්ථාවේ, اللَّهُمَّ رَبَّ هَذِهِ الدَّعْوَةِ التَّامَّةِ، وَالصَّلاَةِ القَائِمَةِ، آتِ مُحَمَّدًا الوَسِيلَةَ وَالفَضِيلَةَ، وَابْعَثْهُ مَقَامًا مَحْمُودًا الَّذِي وَعَدْتَهُ ("අහෝ මෙම පරිපූර්ණ ඇරයුම හා ඉටු කරනු ලබන සලාතයේ හිමිපාණනි! වසීලාව හෙවත් මැදිහත්වීම හා ෆළීලා හෙවත් මහිමය පිරිනමනු මැනව! ඔබ පොරොන්දු දුන් ප්‍රශංසනීය ස්ථානයේ ඔහුව අවදි කරනු මැනව!) යැයි පවසා සිටියේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මාගේ මැදිහත් වීම ඔහුට වලංගු විය." යැයි කීහ

36- මෙම කරුණ රාත්‍රිය හා දහවළ ළඟා වන සෑම තැනකටම පැතිරී යනු ඇත. මැටි ගඩොලින් තැනූ කිසිදු නිවසක් හෝ ‌ඔටු හමින් තැනූ කිසිදු නිවසක් හෝ අල්ලාහ් එහි මෙම දහම ප්‍රවේශ කරනු මිස නැත. එය බලවත් ගෞරවයකින් හෝ අපහාසාත්මක නින්දාවකින් හෝ සිදු වනු ඇත. ගෞරවයයි, එමගින් අල්ලාහ් ඉස්ලාමය උසස් කරයි. අවමානයයි, එමගින් අල්ලාහ් දේව ප්‍රතික්ෂේපය නින්දාවට පත් කරයි