إعدادات العرض
මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ
මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මාගේ තටාකය මසක ගමන් කරන දුරකි. එහි ජලය කිරි පැහැයට වඩා සුදුවන් වේ. එහි සුගන්ධය කස්තූරියට වඩා සුවඳැති වේ. එහි ගුරුලේත්තු අහසේ තරු මෙන් පවතී. කවරෙකු ඉන් පානය කළේ ද ඉන් පසු ඔහුට කිසිදා පිපාසය ඇති වන්නේ නැත."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Azərbaycan Tagalog Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文 ភាសាខ្មែរ አማርኛ Malagasy Oromoo ไทยالشرح
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තමන්ට තටාකයක් ඇති බවත් එහි දිග මසක ගමන් කරන දුරකින් පිහිටා ඇති බවත් එහි පළල ද ඒ හා සමාන දුරකින් පිහිටා ඇති බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම එහි ජලය කිරියට වඩා සුදෝ සුදුවන් පැහැයෙන් වේ. සැබැවින්ම එහි ගන්ධය කස්තූරි සුවඳට වඩා මිහිරි සුවඳැති වේ. එහි ගුරුලේත්තු අධික ලෙස අහසේ තරුමෙන් පවතී. කවරෙකු එම තටාකයෙන් පානය කළේ ද ඔහුට කිසිදා පිපාසය හට ගැනෙන්නේ නැත.فوائد الحديث
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ තටාකය විශාල ජල පරිමාවකින් යුක්තය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම සමූහයා අතර සිටි දේවත්වය විශ්වාස කළ මුඃමින්වරු එහි පැමිණෙනු ඇත.
එම තටාකයෙන් පානය කරන්නන් හට ආශිර්වාද හිමි වේ. එවිට කිසිදු අවස්ථාවක ඔහුට පිපාසය ඇති වන්නේ නැත.
التصنيفات
අවසාන දිනය පිළිබඳ විශ්වාසය