ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල කරනු ලැබූ සෑම දුර්වලයකුම වන්නේය. එවැන්නෙකු අල්ලාහ්…

ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල කරනු ලැබූ සෑම දුර්වලයකුම වන්නේය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට යහපත කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.

හාරිසා ඉබ්නු වහබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ස්වර්ගවාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? දුර්වල කරනු ලැබූ සෑම දුර්වලයකුම වන්නේය. එවැන්නෙකු අල්ලාහ් මත දිවුරා සිටියේ නම් ඔහු ඔහුට යහපත කරනු ඇත. නිරා වාසීන් පිළිබඳ මම නුඹලාට දැනුම් දිය යුතු නොවේ ද? අහංකාර උද්දච්ඡ උඩඟුකම් පාන සෑම කෙනෙකුමය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

ස්වර්ගවාසී ඇතැමෙකුගේ ගුණාංග: සැබැවින්ම මිනිසා දුර්වලතාවයට ලක්ව අසරණයකු බව පත් වෙයි. එනම්: ඔහුගේ තත්ත්වය හෝ තරාතිරම ගැන වැඩි වැදගත්කමක් දක්වන්නේ නැත. මෙලොවෙහි උසස් නිලයන් වෙනුවෙන් විශාල වශයෙන් කැප වන්නේ නැත. ඔහු තමන් තුළම පහත් තත්ත්වයක් ඇති කර ගන්නා අතරම සෙසු අය ද ඔහුව දුර්වල කරන්නට බලයි. ඔහු යම් දෙයක් මත දිවුරා සිටියේ නම් එම කටයුත්ත අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. ඔහු දිවුරා සිටි දෑ ඔහුට සනාත කරනු ඇත. නමුත් අපාවාසීන් වනාහි, සත්යයට යටත් නොවන; දැඩි හදවත් ඇති; රළු ස්වභාවයක් ඇති; සෑම උද්දච්ඡ අයකුම ඒ අතරින් වෙති. එමෙන්ම ධනය රැස්කොට එහි අනිවාර්යය වන සකාත් නිකුත් නොකර එය වළක්වන; අහංකාර කමින් සත්යය ප්රතික්ෂේප කොට ජනයා අතර උසස්වන්නට බලන සෑම කෙනෙකුම වන්නේය. මෙම හදීසය සීමා කර නැත. නමුත් ඒ දෙපිරිසටම අයත් ඇතැම් ගුණාංග පැහැදිළි කර ඇත.

التصنيفات

මතුලොව ජීවිතය