إعدادات العرض
මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු…
මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව පවසමින් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසුන් අතර වඩාත් දරුණු අය වනුයේ තමන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව ලබන තැනැත්තා හා මිනීවලවල් මස්ජිද් (යාඥා ඉටු කරන ස්ථාන) බවට ගන්නා තැනැත්තාය."
[හසන් ගණයට අයත් හදීසයකි] [අහ්මද් එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá ئۇيغۇرچە Türkçe ไทย دری Кыргызча or Kinyarwanda नेपाली Română Lietuvių Malagasy ಕನ್ನಡ Oromoo Nederlands Soomaali Српски Українська Wolof Moore ქართული Azərbaycan Magyar Македонскиالشرح
මිනිසුන් අතරින් නරකම අය වනුයේ ඔවුන් ජීවත්ව සිටිය දී අවසන් හෝරාව පැමිණෙන්නේ ඔවුන් බවත් මිනීවලවල් මස්ජිද් (සලාත් ඉටු කරන ස්ථානය) බවට නියම කර ගනිමින් ඒ අබියස හා ඒ වෙත යාඥා කරන තැනැත්තා බවත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ.فوائد الحديث
මිනීවලවල් මත දේවස්ථාන ඉදි කිරීමේ තහනම. සැබැවින්ම එය දේව ආදේශය වෙත යොමු කරන මාධ්‍යයකි.
ගොඩනැගිලි ඉදි නොකළ ද මිනීවලවල් අබියස සලාත් ඉටු කිරීමේ තහනම. ඊට හේතුව මස්ජිද් යනු එහි ගොඩනැගිලි නොතිබුණ ද සිරස බිම තබා යාඥා ඉටු කරන ස්ථානය බව මෙයින් අදහස් කරන බැවිනි.
උත්තරීතර අල්ලාහ් වෙත සමීප වීමේ අරමුණින් වුව ද, ධර්මිශ්ඨයින්ගේ මිනීවලවල් සලාතය සඳහා උපයෝගී කර ගන්නා තැනැත්තා මැවීම් අතර නපුරුම තැනැත්තාය.
التصنيفات
අවසන් හෝරාවේ සලකුණු