මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම මිනිසා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම මිනිසා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද?

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ආහාර සංග්රහයකට සහභාගී වී සිටියෙමු. පසුව එළු ගාතක් එතුමා වෙත පිළිගන්වන ලදී. එය එතුමාට වඩාත් ප්රියමනාප විය. පසුව එතුමා එයින් කොටසක් සපා අනුභව කළහ. තවද එතුමා: “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ජනයා අතර ප්රධානියා වෙමි. ඒ ගැන නුඹලා දන්නෙහු ද? යැයි විමසා සිටියහ. ආරම්භකයින් මෙන්ම අවසානයින් එකම තැන්නක අල්ලාහ් එක් රැස් කරනු ඇත. බලන්නා ඔවුන්ව දකිනු ඇත. ඇරයුම් කරන්නා ඔවුනට සවන් දෙන්නට සළස්වනු ඇත. හිරු ඔවුනට සමීප වෙයි. එවිට ජනයාට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්යසන ඔවුනට ළඟා වනු ඇත. එවිට ජනයා: “නුඹලාට ළඟා වී ඇති දෑහි නුඹලා කවර විෂයක සිටිනුයේ ද ඒ ගැන නුඹලා බැලිය යුතු නොවේද? නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා වෙනුවෙන් මැදිහත් වන්නන් කවුරුන්දැයි නුඹලා නොබැලිය යුතු නොවේ ද? එවිට ඇතැම් ජනයා ඇතැමුන්ට: “නුඹලාගේ පියාණන් ආදම්ය” යැයි පවසයි. එවිට ඔවුහු ඔහු වෙත ගොස්: “අහෝ ආදම් ඔබ මිනිස් පියාණන්ය. අල්ලාහ් තම අතින්ම නුඹව මවා ඇත. ඔහුගේ ජීවයෙන් නුඹ තුළට පිඹ ඇත. මලක්වරුන්ට නියම කළ විට ඔවුහු නුඹට සුජූද් කළෝය. නුඹව ස්වර්ගයේ වාසය කෙරෙව්වේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත ඔබ මැදිහත් නොවන්නෙහි ද? යැයි විමසති. “සැබැවින්ම ගසට ළං නොවන මෙන් ඔහු මට එය තහනම් කර තිබිණ. නමුත් මම පිටුපෑවෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! යැයි පවසා නුඹලා මා හැරදමා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න” යැයි ඔහු පවසයි. පසුව ඔවුහු නූහ් වෙත පැමිණ: “අහෝ නූහ්! මෙම මහපොළොවට පැමිණ පළමු ධර්ම දූතයා ඔබය. අල්ලාහ් ඔබට ‘කෘතවේදී ගැත්තා’ යනුවෙන් නම් තැබීය. අප කවර විෂයක සිටිනේනේදැයි ඔබ නොදකින්නෙහි ද? අපට අත්ව ඇති ඉරණම ඔබ නොදකින්නෙහි ද? අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් විය යුතු නොවේ ද? යැයි විමසති. එවිට ඔහු: “අද දින මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ පරදි, එමෙන්ම මින් පසු ද මේ අයුරින් කෝප නොවන පරිදි මා කෙරෙහි කෝප වී සිටියි. සැබැවින්ම මා සතුව ප්රාර්ථනාවක් විය. මම එමගින් මාගේ ජනයාට එරෙහිව ප්රාර්ථනා කළෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! මා හැරදමා වෙනත් කෙනෙකු වෙත යනු. නුඹලා ඉබ්රාහීම් වෙත යනු ඔවුහු ඉබ්රාහීම් වෙත පැමිණ අහෝ ඉබ්රාහීම්, ඔබ අල්ලාහ්ගේ නබිවරයෙකි. පොළෝවාසීන් අතරින් ඔබ ඔහුගේ මිතුරෙකි. එබැවින් අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වී කතා කරනු. අප කවර කරුණක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද? එවිට ඔහු ඔවුනට මින් පෙර කිසිවිටෙක අප සමග කෝප නොවූ අයුරින් මින් පසු ද කිසිවිටෙක කෝප නොවන අයුරින් සැබැවින්ම මාගේ පරමාධිපති අද දින මා සමග කෝපවී ඇත. එමෙන්ම මම බොරු ප්රකාශ තුනක් කර ඇත්තෙමි. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! යැයි පවසයි. නුඹලා මා හැර දමා යනු. නුඹලා මූසා වෙත යනු යැයි ඔහු පවසයි. පසුව ඔවුහු මූසා වෙත ගොස්: “අහෝ මූසා! ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. අල්ලාහ් ඔහුගේ දූත මෙහෙය හා ඔබ ඔහු සමග කතා කිරීම තුළින් ඔහු ඔබව ජනයාට භාග්යමත් කර ඇත. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කරව විෂයක සිටින්නේ දැයි ඔබ නොදුටුවෙහි ද? එවිට ඔහු: සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මින්පසු පවා එලෙස කෝප නොවන පරිදි අද දින ඔහු මා සමග දැඩි සේ කෝප වී ඇත. සැබැවින්ම මම ඝාතනය කිරීමට නියෝග කරනු නොලැබූ ආත්මයක් මරා දැමුවෙමි. අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! මා හැර වෙනත් කෙනෙකු වෙත යනු. නුඹලා ඊසා වෙත යනු. යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත ගොස්, ඔවුහු: අහෝ ඊසා ඔබ අල්ලාහ්ගේ දූතයෙකි. මර්යම් වෙත් හෙළු ඔහුගේ වදනකි. ඔහුගෙන් වූ ආත්මයකි. ඔබ තොටිල්ලේ සිටියදී ජනයා සමග කතා කර ඇත්තෙහිය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර විෂයක සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහිද?” යැයි පවසති. එවිට ඊසා: “සැබැවින්ම මාගේ පරමාධිපති මීට පෙර කිසිවිටෙක කෝප නොවූ අයුරින් මීට පසුද කිසිවිටෙක කෝප නොවන අයුරින් අද දින ඔහු මා සමග දැඩි සේ කෝප වී සිටියි. නමුත් පාපයක් සඳහන් කරනු නොලැබීය. අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! නුඹලා මා හැර දමා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත යනු” යැයි පවසයි. තවත් වාර්තාවක: “ඔවුහු මා වෙත පැමිණ: අහෝ මුහම්මද් ඔබ අල්ලාහ්ගේ දූතයාණන්ය. නබිවරුන්ගේ මුද්රාවය. ඔබේ පෙර පව් හා පසු පව්වලට අල්ලාහ් ඔබට සමාව දී ඇත්තේය. අප වෙනුවෙන් ඔබේ පරමාධිපති වෙත මැදිහත් වනු. අප කවර කරුණ සිටින්නේ දැයි ඔබ නොදකින්නෙහි ද? පසුව එතුමා ගමන් කරමින් අර්ෂ් හෙවත් දේව රාජ්යයේ පහළට පැමිණි. මාගේ පරමාධිපතිට සුජූද් කර වැද වැටෙයි. පසුව මීට පෙර කිසිවකුට විවෘත නොකළ ඔහුගේ ප්රශංසාවන් හා අලංකාර පැසසුම් මා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව මෙසේ ප්රකාශ කරනු ලැබේ. “අහෝ මුහම්මද්! ඔබේ හිස ඔසවන්න. ඉල්ලන්න ඔබට එය පිරිනමනු ලැබේ. මැදිහත් වන්න. ඔබට මැදිහත් වීමට ඉඩ දෙනු ලැබේ. යැයි පවසනු ලැබේ. පසුව මාගේ හිම මම ඔසවා “අහෝ මාගේ පරමාධපතියාණනි, මාගේ ප්රජාව, අහෝ මාගේ පරමාධිපතියාණෙනි, මාගේ ප්රජාව! අහෝ මගේ පරමාධිපතියාණනි මාගේ ප්රජාව! යනුවෙන් පවසමි. එවිට අහෝ මුහම්මද් කිසිදු විනිශ්චයක් නොමැති ඔබේ ප්රජාව සමග ස්වර්ගයේ දොරටුවලින් දකුණු දොරටුවෙන් ඇතුලු වන්න. ඔවුහු සෙසු දොරටුවල ඉතිරිව සිටි පිරිසකි. පසුව එතුමා: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ගයේ දොරටු අතරින් දොරටු දෙකක් අතර ඇති දුර ප්රමාණය මක්කා හා හිජර් අතර පවතින දුර හෝ මක්කාව හා බුස්රා අතර පවතින දුර හා සමානය.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී: සැබැවින්ම අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග ආහාර සංග්රහයකට රැස් වී සිටියෙමු. පසුව එළු ගාතක් එතුමා වෙත පිළිගන්වන ලදී. එතුමා තම දත්වලින් සපා එය අනුභව කළහ. එළුවන්ගේ ගාත් එතුමාට වඩාත් ප්රියමනාප විය. ඊට හේතුව සැබැවින්ම එහි මස් ශරීරයේ මස් තුළින් වඩාත් හොඳම මෙන්ම මෘදු මස් වන බැවින් හා පහසුවෙන් හා ඉක්මනින් ජීර්ණය වන බැවිණි. එය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට වඩාත් ප්රිය ජනක විය. පසුව එයින් සපා අනුභව කළහ. පසුව මෙම අපූරු දීර්ග හදීසය එතුමා ඔවුනට දන්වා සිටියහ. “මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මම ආදම්ගේ දරුවන්ගේ ප්රධානියා වෙමි.” සැබැවින්ම සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ආදම්ගේ දරුවන්ගේ නායකයා බවටත් උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ් ඉදිරියේ මිනිස් දරුවන්ගේ ප්රධානියා බවටත් කිසිදු සැකයක් නැත. පසුව ඔහු ඔවුනට: “ඒ ගැන නුඹලා දන්නෙහු ද?” යැයි විමසා සිටියහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! නැත” යැයි පිළිතුරු දුන්නෝය. ආදම්ගේ සියලු දරුවන්ට වඩා එතුමා සතු ගරුත්වය හා එතුමා සතු මහිමය ඔවුනට ඉදිරිපත් කෙරිණි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ආරම්භක ජනයා මෙන්ම අවසන් ජනයා විශාල සමතලා තැන්නක එක් රැස් කරනු ලබති. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: “(නබිවරය!) නුඹ පවසනු. සැබැවැන්ම ආරම්භකයින් හා අවසානයින් නියමිත දිනයක නියමිත වේලාවක එක්රැස් කරනු ලබන්නෝ වෙති.” ඔවුන් එක් භූමියක එක්රැස් කරති. මහපොළොව අද දකිනවාක් මෙන් ගෝලාකාරව නොපවතින අතර එය දිගු හරිනු ලැබ එකම තැනිතලාවක් බවට පත් වේ. ඔබේ බැල්ම දිගු කළහොත්, ඔබට පෙනේනේ එහි පිටුපසින් ඔබට මුහුණලා පවතින දෑ පමණි. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ. හම් දිගු හරිනවාක් මෙන් මහපොළොව දිගු හරිනු ලැබේ. එහි කඳු හෝ ජල පහරවල් හෝ ගංගාවන් හෝ මුහුදු හෝ දක්නට නොලැබේ. ඒවා එකම තැනිතලාවක් බවට දිගු හරිනු ලැබේ. එහි සිටින්නන් අමතන්නාට සවන් දීමට ඔවුන්ව සළස්වන අතර බලන්නන් ඔවුන් දෙස බලයි. එනම් මිනිසා කතා කළ විට වෙනත් අය ඔවුනට සවන් දෙයි. බලන වෙනත් තැනැත්තන් ද ඔවුන් දෙස බලයි. සැබැවින්ම එය කෙනෙකු අනෙකා නොපෙනන පරිදි ගෝලාකාරව නොපවතින බැවිණි. ඔවුන් සියලු දෙනාම එකම තැනිතලාවක පසුවෙයි. එදින එක් සැතපුමක ප්රමාණකින් පිහිටෙන පරිදි හිරු මැවීම්වලට සමීප කරවයි. ඔවුනට දරාගත නොහැකි ඉසිලිය නොහැකි වේදනා හා ව්යසන ඔවුනට සේන්දු වනු ඇත. මහපොළොව ඔවුනට පටුවනු ඇත. අවම වශයෙන් හෝ මෙම බැරෑරුම් ස්ථානයෙන් තමන්ව බේරා දෙන මේ අල්ලාහ් ඉදිරියේ ඔවුන් විෂයයෙහි කිසිවකු හෝ මැදිහත් වනු ඇතැයි බලාපොරොත්තුවෙන් තමන් වෙනුවෙන් මැදිහත් වන මෙන් ඉල්ලා සිටිති. පසුව අල්ලාහ් මිනිස් පියා වන ආදම් වෙත යන්නට ඔවුනට අවකාශස සලසයි. පසුව ඔවුහු ඔහු වෙත යයි. අල්ලාහ් ඉදිරියේ ඔහු තමන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි සිතා ඔහු සතු මහිමය ඔවුහු විස්තර කරමින් ඔවුහු ඔහුට මෙසේ පවසති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය තෙක් ආදම්ගේ දරුවන් අතරින් පිරිමින් හා කාන්තාවන් යන සියල්ලන්ගේම පියා ඔබය. ඉබ්ලීස්ව හෙළා දකිමින් “මාගේ අතින් මැවූ දෑට නුඹ සුජූද් කිරීමෙන් නුඹව වැළැක්වූයේ කුමක් ද?” යැයි උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් විමසා සිටි පරිදි අල්ලාහ් තම අතින්ම ඔබව මවා ඇත. මලක්වරුන් ද ඔබට සුජූද් කර ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “අපි මලක්වරුන්ට නුඹලා ආදම්ට සුජූද් කරන්නැයි පැවසූ විට ඔවුහු සුජූද් කළෝය.” එමෙන්ම ඔබට ඔහු සියලු දෑහි නාමයන් උගන්වා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි. “ආදම්ට සියලු ආකාරයේ නාමයන් ඔහු ඉගැන්වීය.” තවද ඔහුගේ ප්රාණයෙන් ඔහු ඔබ තුළ පිම්ඹෙහිය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “පසුව මම ඔහුව සකසා ඔහු තුළ මාගේ ප්රාණය පිම්ඹ විට ඔවුහු ඔහුට සුජූද් කරන්නන් ලෙස වැටුණෝය.” මේ සියල්ල ගැන මැවීම් දැන සිටිති. විශේෂයෙන් කිසිදු ප්රජාවක කෙනෙකුට පිරි නොනැමූ දැනුමෙන් උත්තරීතර අල්ලාහ් පිරිනැමූ මුහම්මද්ගේ ප්රජාව දැන සිටිති. පසුව ඔහු නිදහසට කරුණු දක්වමින් මෙසේ පවසයි: අද දින මාගේ පරමාධිපති මා කෙරෙහි වූ කෝපය මෙන් කිසිවිටෙක මීට පෙර කෝපවී නැත. මින් පසුව හෝ මේ අයුරින් ඔහු කිසිවිටෙක කෝප නොවනු ඇත. පසුව ඔහුගේ වැරද්ද ඔහු මෙනෙහි කරයි. එනම් සැබැවින්ම උත්තරීතර අල්ලාහ් යම් ගසකින් අනුභව කිරීම ඔහුට තහනම් කළේය. නමුත් ඔහු අනුභව කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “නුඹලා දෙදෙනා මෙම ගසට ළං නොවනු එවිට නුඹලා දෙදෙනා අපරාධකරුවන් අතරින් වනු ඇත.” පසුව අල්ලාහ් අපේක්ෂා කරන යම් ප්රඥාවක් හේතුවෙන් ස්වර්ග උයනින් මහපොළොවට ඔහුව පිටුවහල් කිරීමෙන් ඔහුට දඬුවම් දෙනු ලැබීය. එසේ ඔහුගේ පාපය ඔහු මෙනෙහි කරයි. ඔහු: “අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! යැයි පවසයි. ඉන් අදහස් කරනුයේ මාගේ ආත්මය බේරා ගැනීමට හැකිනම් යන්නයි. එය සහතික කරමින් තුන් වරක්ම පවසා සිටියි. නුඹලා මා හැර දමා වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා නූහ් වෙත යන්න. මිනිස් වර්ගයාගේ දෙවැනි පියා නූහ්ය. සැබැවින්ම අල්ලාහ් නූහ්ව බොරු කළ සියලු පොළෝ වාසීන් ජලයේ ගිල්වීය. ඔහු සමග සිටි විශ්වාසීන් අතළොස්සක් පමණක් විය. ඔහුගෙන් හැර වෙනත් කිසිවකු පසුව පැවත ආවේ නැත. පසුව ඔවුහු නුඹලා නූහ් වෙත යනු යැයි පවසති. පසුව ඔවුහු නූහ් වෙත පැමිණෙති. ඊට හේතුව සැබැවින්ම ඔවුන් දැඩි පීඩනයක හා දුෂ්කරතාවයක පසුවන බැවිණි. පසුව ඔහු වෙත පැමිණ, ඔහු වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද ගැන මෙනෙහි කරති. සැබැවින්ම ඔහු පොළෝවාසීන් වෙත අල්ලාහ් එවූ පළමු දූතයා වෙයි. සැබවින්ම ඔහුට “කෘතවේදී ගැත්තා” යැයි අල්ලාහ් ඔහුට නම් තැබීය. නමුත් ඔහු ආදම් අලෙයිහිස් සලාම් පැවසුවාක් මෙන් ඔහු ද මෙසේ ප්රකාශ කරයි. සැබැවින්ම කීර්තිමත් සර්වබලධාරී අල්ලාහ් තමන් කෙරෙහි මීට පෙර කෝප නොවූ පරිදි මින් පසු පවා එසේ කෝප නොවන පරිදි ඔහු මා කෙරෙහි කෝපයෙන් සිටියි. යැයි පවසා පසුව තම සමූහයාට එරෙහිව එතුමාණන් ප්රාර්ථනා කර සිට ප්රාර්ථනාව සිහිපත් කළේය. “මාගේ පරමාධිපතියාණනි! මහපොළොවේ ප්රතික්ෂේප කරන කිසිදු නිවසක් අත් නොහරින්න.” යනුවෙන් ඔහු පැවසීය. තම පුතණුවන්ට කළ එතුමාගේ ප්රාර්ථනාව තවත් වාර්තාවක මෙසේ සඳහන් වී ඇත. “සැබැවින්ම මාගේ පුත්රයා මාගේ පවුලෙන් කෙනෙකි. ඔබේ ප්රතිඥාව සත්යයකි. ඔබ විනිශ්චය කරන්නන්ගෙන් මහා විනිශ්චය කරුය.” යැයි නූහ් පැවසීය. එවිට ඔහු: “අහෝ නූහ් සැබැවින්ම ඔහු නුඹේ පවුලෙන් කෙනෙකු නොවන්නේය. සැබැවින්ම එය නොසුදුසු ක්රියාවකි. එහෙයින් නුඹට දැනුමක් නැති දැයක් ඔබ මගෙන් නොපතන්න. නුඹ අඥානයින් අතරින් වීම ගැන සැබැවින්ම මම නුඹට උපදෙස් දෙමි.” එසේ ඔහුගේ පාපය මෙනෙහි කරයි. විරසකය අනිවාර්යය කරන්නක් ඔහු අබියස ඔහු හා මැදිහත් කරනු ලබන්නා අතර නොවී නම් මිස මැදිහත් වන්නා මැදිහත් නොවනු ඇත. ගැත්තා අතර හා ඔහුගේ පරමාධිපති අතර පවතින පාපය ඔවුන් දෙදෙනා අතර විරසකය අනිවාර්යය කරන අතර ඔහුගේ ලැජ්ජාවට පත්වනු ඇත. පසුව ඔහුගේ පාපය මෙනෙහි කරයි. පසුව ඔහු අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! පවසා ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා වෙත් ඔවුන්ව යොමු කරයි. පසුව ජනයා ඔහු වෙත පැමිණ මෙසේ පවසති. ඔබ මහපොළොවේ අල්ලාහ්ගේ මිතුරාය. ඔහුගේ ගුණාංග ගැන ඔවුහු මතක් කරති. ඔවුන් වෙනුවෙන් ඔහුගේ පරමාධිපති අබියස මැදිහත් වන්නැයි ඔවුහු විමසා සිටිති. පසුව ඔහු ද නිදහසට කරුණු දක්වා සැබැවින්ම බොරු තුනක් පවසා ඇති බව පවසයි. පසුව අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! අහෝ මගේ ආත්මය! යැයි ද පවසයි. එම බොරු වනාහි: ඔහු රෝගාතුර නොවන තත්ත්වයක “සැබැවින්ම මම රෝගාතුරව සිටිමි” යැයි පැවසීය. එය ග්රහයන්ට නැමදුම් කරමින් සිටි ඔහුගේ ජනයාට අභියෝග කරමිනි. දෙවැන්න: “මෙය සිදු කළේ ඒවායෙහි විශාල පිළිමයය.” එනම් පිළිම වේ. නමුත් එය සිදු කළේ ඔහුය. එනම් එසේ සිදු කළේ ඉබ්රාහීම් අලයිහිස් සලාම් තුමාය. නමුත් ඔහු එසේ මෙනෙහි කළේ පිළිම වන්දනාමාන කළවුනට අභියෝග කරන පරිදිය. තුන්වැන්න: දේවත්වය ප්රතික්ෂේප කරන රජුට කළ ප්රකාශයයි. “මෙය මාගේ සහෝදරියයි.” නමුත් ඇය ඔහුගේ බිරිය විය. ඔහුගෙන් ආරක්ෂාව පතනු පිණිස ඔහු එසේ පැවසීය. නමුත් එය එසේ නොවීය. මෙම බොරු තුන කරුණෙයි මතුපිට පෙනෙන අදහසයි. නමුත් යථාර්ථයෙන්ම හා සල්ලල්ලාහු අලයිහි වසල්ලම් විස්තර කළ දෑට අනුව ඒවා බොරු නොවීය. නමුත් ඔවුන්ගේ දැඩි ප්රවේසම් සහගතභාවය හේතුවෙන් හා අල්ලාහ් කෙරෙහි දැඩි ලැජ්ජාව හේතුවෙන් එම කරුණු ඉදිරිපත් කොට නිදහසට කරුණු දක්වති. ඔහු ද: අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! යැයි පවසා නුඹලා මා හැර වෙනත් කෙනෙකු වෙත යන්න. නුඹලා මූසා වෙත යන්න. යැයි පවසයි. පසුව ඔවුහු මූසා වෙත පැමිණ ඔහුගේ ගුණාංග පිළිබඳවත් සැබැවින් උත්තරීතර අල්ලාහ් ඔහු සමග කතා කළ යන වගත් පොළෝවාසීන් සඳහා ඔහුගේ දූත මෙහෙවර හා ඔහු සමග කතා කිරීමට ඔහු ඔහුව තෝරා ගත් බවත් මෙනෙහි කරති. පසුව ඔහු පාපයක් මෙනෙහි කරමින් සැබැවින්ම තමන් මරා දැමීමට තමන්ට අවසර දීමට පෙර ආත්මයක් ඝාතනය කළ බව පවසමින් නිදහසට කරුණු දක්වයි. ඔහු ඉස්රාඊල් දරුවන් අතරින් වූ මිනිසෙකු සමග තර්ක කිරීමෙහි නිරත වූ කිබ්තීය. මූසා ඉස්රාඊල් දරුවන් අතරින් වූ කෙනෙකු විය. කිබ්තී ෆිර්අවුන් පැලැන්තියේ කෙනෙකු විය. ‘ඔහුගේ කණ්ඩායමේ කෙනෙකු ඔහුට සතුරු වූ අයකු සම්බන්ධයෙන් ඔහුගෙන් උදව් පැතීය. මූසා ඔහුට පහරක් ගැසීය. ඔහුගේ කරුණ නිමාවිය.” එය ඔහුව ඝාතනය කිරීම සඳහා නියෝග කිරීමට පෙර සිදු විය. ඔහුව ඝාතනය කිරීම සඳහා අවසර නොදුන් ආත්මයක් ඝාතනය කිරීමෙන් සැබැවින්ම ඔහු අතර හා මැවීම් වෙනුවෙන් මැදිහත් වීම අතර බාධකයක් ලෙස පිහිටන කරුණක් විය. තවද එතුමා: අහෝ මාගේ ආත්මය! අහෝ මාගේ ආත්මය! අහෝ මගේ ආත්මය! යැයි පවසා නුඹලා මා හැර දමා ඊසා වෙත යනු යැයි පවසයි. පසුව ඔවුහු ඊසා වෙත පැමිණ අල්ලාහ් දෙවිඳාණන් ඔහුට ලබා දුන් දායාද පිළිබඳ මෙනෙහි කරති. එනම් සැබැවින්ම ඔහු තුළට අල්ලාහ්ගේ ප්රාණය පිඹ තිබීම, සැබැවින්ම ඔහු මර්යම් වෙත හෙළූ වදනක් හා ඔහුගෙන් වූ ප්රාණයක් වීමය. සැබැවින්ම ඔහු පියකුගෙන් තොරව මවනු ලැබූ අයෙකි. ඔහු පාපයක් ගැන මෙනෙහි නොකරයි. නමුත් මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත ඔවුන්ව යොමු කරයි. මෙය අල්ලාහ්ගේ දූතයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පිරිනැමූ අතිමහත් ගෞරවයකි. එය නබිවරුන් සිව් දෙනෙකු ඔවුන් සිදු කළ දෑ මෙනෙහි කරමින් නිදහසට කරුණු ඉදිරිපත් කරමින් ද එක් අයකු කිසිදු නිදහසට කරුණු ඉදිරිපත් නොකරමින් ද එසේ සිදු වන්නකි. නමුත් මින් පෙනෙනුයේ සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මොහුට වඩා උතුම් බවයි. පසුව ඔවුහු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණෙයි. එතුමා එය පිළිගනියි. දේව රාජ්යයට පහළින් සුජූද් කර වැද වැටෙයි. අල්ලාහ් කිසිවෙකුට විවෘත කර නොදුන් ඔහුගේ ප්රශංසාවන් හා පැසසුම් එතුමා වෙත අල්ලාහ් විවෘත කරයි. පසුව එතුමාට මෙසේ ප්රකාශ කරනු ලැබේ. ඔබේ හිස ඔසවන්න. ඔබ පවසන්න. සවන් දෙනු ලබනු ඇත; ඉල්ලන්න. පිරිනමනු ලබනු ඇත; මැදිහත් වන්න. මැදිහත්වීමට අවසර දෙනු ලබනු ඇත; පසුව සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මැදිහත් වී කතා කරමින් “මාගේ පරමාධිපතියාණනි! අහෝ මාගේ ප්රජාව! අහෝ මාගේ ප්රජාව! යැයි පවසයි. ඔහුගේ මැදිහත්වී අල්ලාහ් පිළිගනියි. පසුව ඔබේ සමූයහා ස්වර්ගයේ දකුණු දොරටුවෙන් ඇතුළත් කරන්නැයි එතුමාට පවසනු ලැබේ. ඔවුන් ජනයා සමග සිටි සෙසු දොරටු වල ඉතිරිව සිටි අය වෙති. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ධර්ම දූතවරුන්ට වඩා ශ්රේෂ්ඨ බවත් ධර්ම දූතවරු සෙසු මැවීම්වලට වඩා උතුම් බවත් මෙම හදීසය තුළ පැහැදිලිව පෙන්වා දී තිබේ.

التصنيفات

මතුලොව ජීවිතය