ඔබේ හිස ඔසවන්න; විමසන්න; ඔහු සවන් දෙනු ඇත. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරනු ලබනු ඇත.

ඔබේ හිස ඔසවන්න; විමසන්න; ඔහු සවන් දෙනු ඇත. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරනු ලබනු ඇත.

අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මෙසේ දන්වා සිටියේය. “සැබැවින්ම එතුමා පැමිණ තම පරමාධිපතිට සිරස නමමින් සුජූද් කරයි. ඔහුට ප්රශංසා කරයි. (පළමුව මැදිහත්වීමෙන් ආරම්භ නොකරයි.) පසුව එතුමාට මෙසේ පවසනු ලැබේ. “ඔබේ හිස ඔසවන්න; විමසන්න; ඔහු සවන් දෙනු ඇත. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරනු ලබනු ඇත.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පැමිණ අල්ලාහ්ට සිරස නමා සුජූද් කරයි. ප්රාර්ථනා කරයි. පසුව මහත් මැදිහත් වීම සඳහා එතුමාණන්ට අල්ලාහ් අවසර දෙමින් මෙසේ පවසයි. ඉල්ලන්න; දෙනු ලබනු ඇත. මැදිහත් වන්න; මැදිහත් කරවනු ලබනු ඇත. එනම් ඔබේ ඉල්ලීම පිළිගනු ලබන්නකි. ඔබේ මැදිහත්වීමත් පිළිගනු ලබන්නකි.

التصنيفات

අපගේ වක්තෘ මුහම්මද් (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය උදාවේවා!), අවසාන දිනය පිළිබඳ විශ්වාසය