إعدادات العرض
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය…
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්‍රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Oromoo Wolof Soomaali Français Tagalog Azərbaycan Українська bm தமிழ் Deutsch ქართული Português Македонски Magyar فارسی Русский 中文 km አማርኛ Malagasyالشرح
දේවත්වය විශ්වාස කරන මුඃමින්වරුන්ට හිමි අල්ලාහ්ගේ භාග්‍යයේ මහිමය හා දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර්වරුන් සමග වන ඔහුගේ යුක්තිය ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙහි පැහැදිලි කර සිටියි. දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයා වනාහි, ඔහු සිදු කළ යහපතෙහි කුසල් ඔහුට අඩු නොකෙරේ. ඔහුගේ අවනතභාවය සඳහා මෙලොවෙහි යහපත පිරිනමන අතරම ඒ සඳහා මතුලොවෙහි ඔහු වෙනුවෙන් ප්‍රතිඵල රැස් කරනු ඇත. සියලු ප්‍රතිඵල ඔහු වෙතුවෙන් මතුලොවෙහි සංරක්ෂණය කෙරේ. දේවත්වය ප්‍රතික්ෂේප කරන කාෆිර් වරයා වනාහි, ඔහු සිදු කරන යහපත සඳහා ප්‍රතිඵල මෙලොවෙහි යහපත තුළින් ඔහුට පිරිනමනු ලබන අතර ඔහු මතුලොවට පිවිසෙන තෙක් එය පවතී. නමුත් ඒ සඳහා ප්‍රතිඵල පිරිනමන තරමට කුසල් ඔහුට එහි නොවනු ඇත. හේතුව දෙලොවටම ප්‍රයෝජනවත් වන දැහැමි ක්‍රියාවක් වීමට නම් ඔහු දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු ලෙස සිටිය යුතුය.فوائد الحديث
කවරෙකු දෙවත්වය ප්‍රතික්ෂේප කළ තත්ත්වයේ මිය ගියේ ද, ඔහුට කිසිදු ක්‍රියාවක් ප්‍රයෝජනවත් වන්නේ නැත.