إعدادات العرض
දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක්…
දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මා අසා දැනගත් හදීසයක් මම ඔබට ප්‍රකාශ කර සිටිමි. ඒ ගැන මා හැරෙන්නට වෙනත් කිසිවකු ඔබට නොපවසනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මෙසේ ප්‍රකාශ කර සිටිනු මම අසා ඇත්තෙමි. "දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių or Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Moore Kurdî Wolof Soomaali Français Azərbaycan Tagalog Українська bm தமிழ் ქართული Deutsch Português Македонски Magyar فارسی Русский 中文 ភាសាខ្មែរ Malagasy Oromooالشرح
ආගමික දැනුම ඉවත් වීම අවසන් හෝරාව ක්‍රියාත්මක වීමේ කාලය සමීප වී ඇති බව සහතික කරන සළකුණු අතරින් එකකි. එය විද්වතුන් මිය යාමෙන් සිදුවන්නකි. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෝඩකම අධික වී එය ව්‍යාප්ත වෙයි. කාම අපචාරය හා දුරාචාරය පැතිරෙයි. මත් පානය වැඩිවෙයි. පිරිමින්ගේ සංඛ්‍යාව අඩු වී කාන්තා සංඛ්‍යාව වැඩිවෙයි. එය ඔවුන්ගේ කටයුතු භාර ගන්නා, ඔවුන්ගේ යහපත ක්‍රියාත්මක කරන එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට වැඩිවනු ඇත.فوائد الحديث
අවසන් හෝරාවේ ඇතැම් සළකුණු පැහැදිලි කිරීම.
අවසන් හෝරාවේ වේලාව පිළිබඳ දැනුම අල්ලාහ් ආරක්ෂා කර ඇති ගුප්ත කරුණුවලින් එකකි.
ආගමික දැනුම, එය අහිමි වීමට පෙර හැදෑරීම සඳහා උනන්දු කරවීම.