إعدادات العرض
1- කවරෙකු දැනුම සොයා පිටත් ව ගියේ ද ඔහු නැවත හැරී එන තුරු අල්ලාහ්ගේ මාර්ගයේ සිටියි.
2- අල්ලාහ් කවරෙකුට යහපත පතන්නේ ද ඔහු ඔහුට දහම තුළ අවබෝධය පිරිනමනු ඇත.
3- මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රොක්වී සිටින පිරිසක් වෙතට පිටත්ව ගියේය. පසුව හෙතෙම ‘නුඹලාව වාඩි කෙරෙව්වෙ කුමක්ද? යැයි විමසා සිටියහ. ඔවුහු :අපි අල්ලාහ් මෙනෙහි කරමින් වාඩි වී සිටිමු යැයි පැවසුවෝය.
4- කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි.
5- අපගෙන් යමක් සවන් දී එය ඔහු සවන් දුන් පරිදිම දන්වා සිටි පුද්ගලයාව අල්ලාහ් අලංකාර කරත්වා!
6- දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති
7- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ යමක් මෙනෙහි කරමින්: "එය දැනුම පහව යන කාලයේ සිදු වේ
8- “විද්වතුන් ඉදිරියේ ප්රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න
9- සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය නොගත් බවත් අපි දැනුම සහ ක්රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්රකාශ කර සිටියේය
10- අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා!