මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රොක්වී සිටින පිරිසක් වෙතට පිටත්ව ගියේය. පසුව හෙතෙම ‘නුඹලාව වාඩි…

මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රොක්වී සිටින පිරිසක් වෙතට පිටත්ව ගියේය. පසුව හෙතෙම ‘නුඹලාව වාඩි කෙරෙව්වෙ කුමක්ද? යැයි විමසා සිටියහ. ඔවුහු :අපි අල්ලාහ් මෙනෙහි කරමින් වාඩි වී සිටිමු යැයි පැවසුවෝය.

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මුආවියා (රළියල්ලාහු අන්හු) තුමා මස්ජිදයේ රොක්වී සිටි සභාවක් වෙත පිටත්ව ගියේය. එවිට ඔහු: ‘නුඹලාව වාඩි කෙරෙව්වේ කුමක්දැ?යි විමසීය. ඔවුහු: අපි අල්ලාව මෙනෙහි කිරීම සඳහා වාඩි වූයෙමු. යැයි පැවසූහ. ඔහු: අල්ලාහ් මත දිවුරා අසමි. ඒ හැර වෙනත් දෙයකට නුඹලා වාඩි නොකෙරෙව්වේද? යැයි විමසූහ. ඔවුහු. ‘ඒ හැර වෙනත් දෙයක් සඳහා අප වාඩි කෙරෙව්වේ නැත’ යැයි පැවසූහ. ඔහු: ඇත්තෙන්ම මම නුඹලා ගැන සැකයෙන් එසේ නුඹලාගෙන් දිවුරා නොඇසුවෙමි. අල්ලාහ්ගේ දූතයාණන් ගැන මට වඩා අඩුවෙන් හදීස් දන්වා සිටි කිසිවකු එතුමා අබියස මාගේ තත්ත්වයේ සිටියේ නැත. සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් එතුමාගේ මිතුරන්ගෙන් යුත් සභාවක් වෙත පිටත්ව ගොස් “නුඹලාව වාඩි කෙරෙව්වේ කුමක් දැ?”යි විමසා සිටියහ. ඔවුහු: ‘අල්ලාහ්ව මෙනෙහි කරන්නට; ඔහු අප ඉස්ලාමය වෙත මග පෙන්වා අප වෙත එය පිරිනමා ඇති බැවින් ඔහුට ප්රශංසා කරන්නට අපි වාඩි වූයෙමු. යැයි පැවසූහ. ‘අල්ලාහ් මත දිවුරා අසමි. ඒ හැර වෙනත් දෙයකට නුඹලාව වාඩි නොකෙරෙව්වේ ද? යැයි විමසා සිටියහ. ඔවුහු: අල්ලාහ් මත දිවුරා පවසමු. ඒ හැර වෙනත් දෙයකට අප වාඩි කෙරෙව්වේ නැත. එතුමා: ‘නුඹලා ගැන සැකයෙන් එසේ දිවුරා නුඹලාගෙන් නොඇසුවෙමි. එනමුත් ජිබ්රීල් පැමිණ ‘සැබැවින් අල්ලාහ් නුඹලා ගැන මලක්වරුන් සමග අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

මෙය කීර්තිමත් අල්ලාහ්ව මෙනෙහි කිරීම සඳහා එක්රැස් වීමේ මහිමය පෙන්වා දෙන හදීස් අතරින් වන හදීසයකි. මෙය මුආවියා (රළියල්ලාහු අන්හු) තුමාගෙන් ලබා අබූ සඊද් අල් කුද්රි තුමා වාර්තා කර ඇත. සැබැවින්ම හෙතෙම මස්ජිදයේ රැස්ව සිටි පිරිසක් වෙත ගොස් ඔවුන් රැස්වූයේ කවර කරුණකට දැ?යි ඔවුන්ගෙන් විමසා සිටියේය. එයට ඔවුහු: ‘අපි අල්ලාහ් මෙනෙහි කිරීම සඳහා’ යැයි පැවසූහ. එවිට ඔහු ‘තමන් එක්රැස් වී වාඩි වූයේ අල්ලාහ්ව මෙනෙහි කිරීමේ අපේක්ෂාවෙන් මිස වෙනත් අරමුණක් නොවූ බවට දිවුරා පවසන මෙන් ඉල්ලා සිටියේය. එවිට ඔවුහු ඔහුට දිවුරා පැවසුවෝය. පසුව ඔහු ඔවුනට. නුඹලාගේ සත්යයභාවය ගැන කුතුහලයෙන් හෝ නුඹලා ගැන සැක කරමින් හෝ එසේ මම විමසා නොසිටියෙමි. නමුත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ද මෙසේ පිරිසක් වෙත ගොස් මෙලෙස මෙනෙහි කර සිටීමත් සැබැවින්ම අල්ලාහ් ඔවුන් ගැන මලක්වරුන් සමග අභිමානයෙන් කතා කරන බව දන්වා සිටීමත් මම දැක ඇත්තෙමි. ඒ අනුව ප්රකාශය මෙසේය. ‘නුඹලා මාගේ ගැත්තන් දෙස බලනු. මා මෙනෙහි කිරීම සඳහාත් අභිමානවත් එවන් වෙනත් කටයුතු සඳහා ඔවුන් එක්රැස්වී ඇත.’ නමුත් මෙම ඒකරාශී වීමෙන් එකම හඬකින් මෙනෙහි කිරීම සඳහා ඔවුන් එක්රැස් වූ බව අදහස් වන්නේ නැත. එනමුත් අල්ලාහ් ගැන ඔවුනට මෙනෙහි කරනු ලැබු උපදෙස් හා අනුවාද වැනි කවර හෝ කරුණක් ඔවුහු මෙනෙහි කර සිටියෝය. එසේ නැතහොත් අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදයන් ශරීර සුවය හා ආරක්ෂාව වැනි දායාදයන් හා ඒ හා සමාන වෙනත් දෑ මෙනෙහි කරමින් පසුවූහ. ඒ අනුව අල්ලාහ්ගේ ආශිර්වාදයන් මෙනෙහි කිරීමත් අල්ලාහ්ව මෙනෙහි කිරීමකි. එමෙන්ම අල්ලාහ් ජනයාට ආශිර්වාද කළ ආශිර්වාදයන් සම්බන්ධයෙන් මෙනෙහි කිරීම සඳහා ඔවුන් වාඩිවීමේ මහිමය පෙන්වා දෙන සාධකයක් මෙහි ඇතුළත්ව ඇත.

التصنيفات

ශිල්පය හැදෑරීමේ මහිමය, ශිල්පය හැදෑරීමේ මහිමය, (දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්, (දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්