අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ…

අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා!

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."

[صحيح] [رواه مسلم]

الشرح

අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය කුමක්දැ යි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ උබෙයි ඉබ්නු කඃබ් තුමාගෙන් විමසා සිටියහ. ඔහු පිළිතුරු දීමට පසුබට විය. පසුව ඔහු (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) "අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් එය තවදුරටත් තහවුරු කර ඔහුගේ පපුවට තට්ටු කර දැනුමෙන් හා ප්‍රඥාවෙන් එය පිරී ඇති බව පෙන්වා දුන් අතර මෙම දැනුම හේතුවෙන් ඔහුට මිහිරි බව ඇති වීමටත් ඔහුට පහසු වීමටත් ප්‍රාර්ථනා කර සිටියහ.

فوائد الحديث

උබෙයි ඉබ්නු කඃබ් (රළියල්ලාහු අන්හු) තුමාගේ උදාරත්වය.

උත්තරීතර අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඇති වැදගත්ම පාඨය ආයතුල් කුර්සී වේ. එබැවින් එය කටපාඩම් කර, එහි අර්ථය පරිශීලනය කර, ඒ අනුව ක්‍රියා කළ යුතු වේ.

التصنيفات

පරිච්ඡේද හා වැකි වල මහිමයන්, ශිල්පය හැදෑරීමේ මහිමය