إعدادات العرض
1- නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් නොකරනු. සැබැවින්ම ෂෙයිතාන් නිවසින් පළා යනු ඇත.
2- කවරෙකු රාත්රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්රමාණවත් වේ.
3- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "සලාතය මා හා මාගේ ගැත්තා අතර අඩක් වශයෙන් බෙදා වෙන් කළෙමි. මාගේ ගැත්තාට ඔහු ඉල්ලූ දෑ ඇත
4- කවරෙකු සූරා අල්-කහ්ෆ් ආරම්භයේ පාඨ දහයක් කටපාඩම් කළේ ද ඔහු දජ්ජාල්ගෙන් ආරක්ෂාව ලැබීය.
5- අල් කුර්ආනයේ අති වැදගත් සූරාවක් මම ඔබට කියා දිය යුතු නොවේද?
6- මෙම රාත්රියේ පහළ කරනු ලැබූ වදන් ඔබ නොදුටුවෙහිද? ඒ හා සමාන වදන් කිසිවිටෙක දකින්නට නොවීය. කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස්.
7- අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා!
8- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සෑම රාත්රියකම තම නිදියහනට පැමිණි විට තම දෙඅත් එකතු කර ගනියි. පසුව එහි පිඹ ඒ දෙකෙහි "කුල් හුවල්ලාහු අහද්", "කුල් අඌදු බිරබ්බිල් ෆලක්" හා "කුල් අඌදු බිරබ්බින් නාස්