ඔබ කියවන ඔබේ ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර…

ඔබ කියවන ඔබේ ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු

උමර් ඉබ්නු අල් කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්ථා කරන ලදී: යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් එතුමාට මෙසේ පැවසීය: අහෝ මුඃමින්වරුන්ගේ නායකයාණනි, ඔබ කියවන ඔබේ ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. එතුමා ඒ කවර පාඨයක් දැයි විමසා සිටියේය. ඔහු: اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින ඔබට ඔබේ දහම මම පූර් ණවත් කළෙමි. මාගේ ආශිර් වාදයන් ඔබ මත මම සම්පූර් ණ කළෙමි. ඔබ වෙනුවෙන් මම ඉස්ලාමය දහම ලෙස තෝරා ගත්තෙමි." (අල් මාඉදා: 3) යන පාඨය යැයි පැවසීය. උමර් තුමා මෙසේ පැවසීය: "එදිනය මෙන්ම එය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හඳුනමු. එය එතුමාණන්අ ජුමුආ දිනයේ අරෆාහි සිටගෙන සිටියදී පහළ විය.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

යුදෙව්වන් අතරින් වූ මිනිසෙක් මුඃමින්වරුන්ගේ නායකයකු වූ උමර් (රළියල්ලාහු අන්හු) තුමා වෙත පැමිණ මෙසේ පැවසීය: "ඔබ කියවන ඔබේ අල්-කුර්ආන් ග්‍රන්ථයෙහි පාඨයක් ඇත. යුදෙව් ජනතාව වන අප වෙත එය අපගේ තව්රාත් ග්‍රන්ථයේ පහළ කර තිබුණේ නම්, එදින උත්සව දිනයක් බවට අපි පත් කර ගනිමු. මෙවන් වැදගත් පාඨයක් පහළ කිරීමේ ආශිර් වාදය හේතුවෙන් තුති පිදීමක් ලෙස අපි එය සමරමු." اليَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا "අද දින මම ඔබලාට ඔබලාගේ දහම පරිපුර් ණ කළෙමි. තව ද මාගේ දායාදය ද ඔබලාට පරිපූර් ණ කළෙමි. ඉස්ලාමය ඔබලාට දහමක් ලෙස මම තෝරා ගතිමි." යන පාඨය වේ යැයි ඔහු පැවසීය. උමර් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ පැවසීය: එදින මෙන්ම එම ගෞරවණීය පාඨය නබි (සල්ලලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ වූ ස්ථානය ද හදුනමු. එය උත්සව දින එතුමාණන් අරෆාහි සිටගෙන සිටියදී ජුමුආ දිනයක පහළ විය. ඒ දින දෙකම මුස්ලිම්වරුන් වෙත වූ මහඟු දින දෙකක් වේ.

فوائد الحديث

මෙම පාඨය පහළ වූ ස්ථානය සහ වේලාව පිළිබඳව උමර් (රළියල්ලාහු අන්හු) තුමා සැලකිලිමත් ව සිටි ආකාරය පිළිබඳ ප්‍රකාශයකි.

මෙම පාඨයේ සර් වබලධාරී අල්ලාහ් මෙම ප්‍රජාවට ලබා දී ඇති දේ පිළිබඳ පැහැදිලි කිරීමක් අන්තර් ගත වී ඇත. මන්ද ඔහු ඔවුන්ගේ ආගම පරිපූර් ණ කර ඒ මත ඔහුගේ ආශිර් වාද සම්පූර් ණ කළ බැවිනි. එබැවින් ආගමික කටයුතු අතරට කිසිදු අමතර එකතු කිරීමක් අවශ්‍ය නොවේ. සර් වබලධාරී අල්ලාහ් එය පරිපූර් ණ කිරීමෙන් පසු කිසිදු සාධකයකින් තොරව බිහි කරන ලද සෑම නවක දෙයක්ම නොමඟ ගිය නවෝත්පාදනයක් ලෙස සලකනු ලැබේ. ඒ ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා විසින් සහතික කර ඇත්තේ මෙසේය. “අපගේ මෙම කටයුතු අතරට එහි කොටසක් නොවන දෙයක් හඳුන්වා දෙනු ලබන ඕනෑම දෙයක්, එය ප්‍රතික්ෂේප කරනු ලැබේ.”

මෙම හදීසයෙන් ගනු ලබන කරුණ වනුයේ: අපට පෙර විසූ ආගම් ලද්දවුන් ක්‍රියා කළාක් මෙන් සැමරුම් ස්ව කැමැත්තට හෝ නිර් මාණය කිරීමකින් හෝ නියම නොවන බවයි. සැබැවින්ම එය නියම වනුයේ ෂරීආව හා අනුගමනය කිරීමෙනි. ඒ අනුව මෙම පාඨය පෙන්වා දෙනුයේ දහමේ සම්පූර් ණ බව හා මෙම සමාජය උත්සවාකර්ශව ආගමාන ගත කළ දිනයේ දී අල්ලාහ් පහළ කළ ආශිර් වාද විධි දෙකකින් පූර් ණවත් කර ඇති බවයි. පළමුවැන්න. සතියේ උත්සව දිනයයි. එනම් එය ජුමුආ දිනයයි. දෙවැන්න කාලානුගත උත්සව දිනයයි. එය විශාල පිරිසක් රැස්වෙන, ඔවුන් නතර වී සිටින මහඟු දිනයයි.

ඉමාම් අස්-සඃදී තුමා 'අද දින මම නුඹලාට නුඹලාගේ දහම සම්පූර් ණ කළෙමි" යන මෙම පාඨය ගැන විස්තර කිරීමේ දී පැවසුවේ එය උපකාරය සම්පූර් ණ වීම, බාහිර මෙන්ම අභ්‍යන්තර මූලික හා අනු ආගමික වගකීම් සම්පූර් ණ කිරීම යන්නයි. එබැවින් ආගමික නීති, මූලිකාංග හා අනු අංග වල දී අල්-කුර් ආනය හා සුන්නාව ප්‍රමාණවත්ය. සෑම බොරුකාරයකුම පවසා සිටින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තීන් හා ඔවුන්ගේ නීති අල්-කුර් ආනයේ හා සුන්නාවේ දැනුමෙන් තොරව වෙනත් අධ්‍යයනයන් තුලින් ලබා ගත හැකි බවයි. ඔහු අඥානයෙකි. ඔහුගේ තර් කය නිශ්ඵලය. ඔහු පවසා ඇති දෑ හා ඔහු ආරාධනා කළ දැයින් හැර මෙම දහම සම්පූර් ණ නොවන බව ඔහු සිතයි. මෙය අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට කරන අපරාධයක් මෙන්ම අඥාන භාවයකි. "මාගේ ආශිර් වාදය මම නුඹලා වෙත සම්පූර් ණ කළෙමි." බාහිරයෙන් මෙන්ම අභ්‍යන්තරයෙන්. (නුඹලා වෙනුවෙන් වූ දහම ලෙස ඉස්ලාමය මම තෝරා ගත්තෙමි.) එනම්: ඔබ වෙනුවෙන් දහම ලෙස මම එය තෝරා ගෙන පිළිගත්තෙමි. එමෙන්ම ඔබව ද ඒ සඳහා මම තෝරා ගත්තෙමි. එබැවින් ඔබේ පරමාධිපතිට ස්තුතිවන්ත ලෙස කටයුතු කරන්න. වඩාත් උතුම්, වඩාත් ශ්‍රේෂ්ඨ, වඩාත් පූර් ණවත් දහමක් ඔබට පිරිනැමූ ඔහුට ප්‍රශංසා කරන්න.

التصنيفات

පරිච්ඡේද හා වැකි වල මහිමයන්