إعدادات العرض
“නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු…
“නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු ඇත.”
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “නුඹලාගේ නිවෙස් මිනීවළවල් බවට පත් කර නොගනු. සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යනු ඇත.”
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]
الترجمة
العربية Bosanski English فارسی Français Bahasa Indonesia Русский Türkçe اردو 中文 हिन्दी বাংলা Español Kurdî Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Deutsch 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە Hausa دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Română Kinyarwanda नेपाली Српски Soomaali Moore Українська Български Tagalog Wolof Azərbaycan ქართული тоҷикӣالشرح
සලාත් ඉටු නොකරන මිනිවලවල් මෙන් තම නිවෙස් ද සලාත් ඉටු නොකර ඒවා පාළුවට අත්හැර දැමීමෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ වැළැක්වූහ. පසුව, සූරා අල් බකරා පාරායනය කරනු ලබන නිවෙසින් සැබැවින්ම ෂෙයිතාන් පළා යන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දැනුම් දුන්හ.فوائد الحديث
නිවෙස්වල අධික ලෙස නැමදුම්වල නිරත වීම හා අමතර සලාත් ඉටු කිරීම සතුටු දායකය.
ජනාසා සලාතය හැර සොහොන්වල අනෙකුත් සලාත් ඉටු කිරීමට අවසරය නැත. හේතුව සැබැවින්ම එය බහුදේව වාදයේ හා එහි ඇති වාසීන් අතිශයෝක්තියට පත් කිරීමේ මාධ්‍යයක් වන බැවිනි.
මිනීවලවල් අසල සලාත් ඉටු කිරීමේ තහනම සහාබාවරුන් අතර පිළිගත් කරුණක් විය. එබැවින් තම නිවෙස්, සලාත් ඉටු කරනු නොලබන සොහොන් මෙන් පත් කර ගැනීම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තහනම් කර ඇත.
التصنيفات
පරිච්ඡේද හා වැකි වල මහිමයන්