කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ…

කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්රකාශ කළ බව අබූ හුරෙය්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින දුෂ්කරතා අතරින් දුෂ්කරතාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්යනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

මෙම ශුද්ධ වූ හදීසය අපට පෙන්වා දෙන ප්රයෝජනය වනුයේ: සැබැවින්ම කවරෙකු මුස්ලිම්වරයකුගෙන් යම් දුෂ්කරතාවක් ඉවත් කරන්නේ ද එසේ නැතහොත් ඔහු මත තිබෙන අසීරු කටයුත්තක් පහසු කර දෙන්නේ ද ඔහු මත පවතින යම් අවමානයක් හෝ පහත් තත්ත්වයක් සඟවන්නේ ද එවිට අල්ලාහ් ඔහු සෙත සැළසූ එම ක්රියාවන්ට ආවේනික ප්රතිඵල ඔහුට පිරිනමනු ඇත. ගැත්තකු තම සහෝදරයාගේ දුෂ්කර කටයුතුවලදී ඔහුට උදව් කරන අවස්ථාවේ අල්ලාහ් තම භාග්යය තුළින් ඔහුගේ මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි කටයුතුවලදී ඔහුට පිහිට වනු ඇත. දික්ර් සභාවන්ට හෝ දැනුමෙන් පෝෂණය වූ විද්වතුන්ගේ සභාවන්ට දැනුම ලැබීමේ අපේක්ෂාවෙන් සහභාගී වීම වැනි ආධ්යාත්මික මාර්ගය මත කවරෙකු ගමන් කරන්නේ ද එසේ නැතහොත් ප්රයෝජනවත් දැනුමෙන් හා වෙනත් දැයින් ඔහු වෙත ඉදිරිපත් කරන දෑ ගැන සාකච්ඡා කරන එය ගැන පරිශීලනය කරන ඒ ගැන විශ්ලේෂණය කරන ස්ථාන මෙන් දැනුම ලැබීම සඳහා ලෞකික මාර්ගය මත ගමන් කරන්නේ ද එම මාර්ගයේ අවංකව දැහැමි චේතනාවෙන් යුතුව ගමන් කළේ නම් ස්වර්ගය වෙත රැගෙන යන ප්රයෝජනවත් දැනුම ලබන්නට අල්ලාහ් ඔහුට ආශිර්වාද කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් එක් නිවසක අල් කුර්ආනය කියවීමටත් එය හැදෑරීමටත් එක් වන පිරිස වනාහි, අල්ලාහ් ඔවුනට සැනසුම ලබා දෙනු ඇත. ආශිර්වාදය ඔවුන් වෙළා ගනු ඇත. සුරදූතවරුන් සහභාගී වනු ඇත. අල්ලාහ් අබියසින් වූ උදාර පිරිස අතර ඔවුන් ගැන පැසසුම් කරනු ඇත. සැබැවින්ම සම්පූර්ණ ගෞරවය හිමිවනුයේ දැහැමි ක්රියාවන් තුළිනි. පෙළපත හෝ තරාතිරම් බැලීමෙන් නොවන්නේය.

التصنيفات

ශිල්පය හැදෑරීමේ මහිමය