إعدادات العرض
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න
“විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව ජාබිර් ඉබ්නු අබ්දුල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. “විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට හෝ මෝඩයන් සමඟ වාද කිරීමට හෝ දැනුම නොසොයන්න. සභාවක හොඳම ආසනය තෝරා නොගන්න. කවරෙකු හෝ එසේ කරන්නේ ද ගින්න, ගින්නමය."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Español Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe Bosanski हिन्दी Tiếng Việt Hausa മലയാളം తెలుగు Kiswahili پښتو অসমীয়া Shqip دری Ελληνικά Български Fulfulde ಕನ್ನಡ Кыргызча Lietuvių Română Kinyarwanda Српски тоҷикӣ O‘zbek नेपाली Kurdî Wolof Moore Soomaali Français Oromoo Azərbaycan Tagalog Українська தமிழ் bm Deutsch ქართული Português Македонски Magyar Русский 中文 فارسی ភាសាខ្មែរ አማርኛ Malagasyالشرح
විද්වතුන් ඉදිරියේ ප්‍රදර්ශණය කිරීම හා පුරසාරම් දෙඩීම සඳහා හෝ මම නුඹලා මෙන් විද්වතෙක්මි යැයි පෙන්වීම සඳහා හෝ බුද්ධි හීනයන් හා අඥානයින් සමග කතා කර වාද කිරීම සඳහා හෝ සභාවන්හි පෙනී සිට අනෙකාට වඩා තමන්ට ප්‍රමුඛත්වය ලැබීම සඳහා දැනුම සෙවීම ගැන නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අවවාද කළහ. එහෙයින් කවරෙකු එසේ සිදු කළේ ද ඔහුගේ මුහුණිච්ඡාව හේතුවෙන් සහ දැනුම සෙවීමේ දී අල්ලාහ්ට අවංක නොවූ බැවින් සැබැවින්ම ඔහු අපා ගින්නට සුදුසුකම් ලබන්නේය.فوائد الحديث
තමන් පුරසාරම් දෙඩීම සඳහා හෝ වාද කිරීම සඳහා හෝ සභාවන්වල ප්‍රමුකත්වය ලැබීම සඳහා හෝ එවැනි දෙයක් සඳහා දැනුම සොයන්නාට අපා ගින්න පිළිබඳ අවවාදය.
දැනුම හදාරා එය උගන්වන්නා සතුව තිබිය යුතු අවංක චේතනාවේ වැදගත්කම.
'නිය්යත්' හෙවත් චේතනාව ක්‍රියාවන්හී මූලය වේ. ප්‍රතිඵල හිමිවන්නේ ඒ මත පදනම් කර ගෙනය.