إعدادات العرض
අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි…
අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කළ ප්‍රකාශයකට මම සවන් දුනිමි යැයි පවසා අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "අල්ලාහ් පෘථිවිය අල්ලා ගනියි. ඔහුගේ දකුණු අතින් අහස් තුනී කර දමයි. පසුව ඔහු "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá اردو Bahasa Indonesia ئۇيغۇرچە हिन्दी Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча or Tiếng Việt नेपाली Kinyarwanda తెలుగు Bosanski Lietuvių Română മലയാളം Nederlands Soomaali Српски Kurdî Українська Deutsch ಕನ್ನಡ Wolof Moore Shqip Português ქართული Azərbaycan 中文 Magyar فارسی Македонски தமிழ் বাংলা Русский አማርኛ Malagasy Oromoo Tagalog ไทยالشرح
සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පෘථිවිය අල්ලා එය එක්රැස් කරයි. තම දකුණතින් අහස් තුනී කර එය එකිනෙක මත තබා ඔතයි. ඒ සමගම එය පහ වී ගොස් විනාශ වී යයි. පසුව "මම රජ වෙමි! පොළොවේ රජවරු කොහේද? යැයි විමසයි.فوائد الحديث
සැබැවින්ම අල්ලාහ්ගේ රාජ්‍යය සදා පවතින බවත් එය හැර සෙසු රාජ්‍යයන් අහෝසි වී යන බවත් සිහිපත් කිරීම.
අල්ලාහ්ගේ කීර්තිය, ඔහුගේ බලයේ හා ආධිපත්‍යයේ සර්වබලධාරිත්වය හා ඔහුගේ රාජ්‍යයේ පූර්ණත්වය.