කිසිදු නබි වරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නොපැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක්…

කිසිදු නබි වරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නොපැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් පොට්ට අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි. නමුත් සැබැවින්ම එය ස්වර්ගය වේ යැයි ඔහු පවසන දෑ නිරය වෙතැයි පැවසූහ.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.: “කිසිදු නබිවරයකු තම සමූහයාට දජ්ජාල් ගැන නොපැවසූ කරුණක් මා ඔබට පවසා සිටිය යුතු නොවේ ද? සැබැවින්ම ඔහු එක් ඇහැක් පොට්ට අයෙකි. ස්වර්ගයට හා අපා ගින්නට සමාන දෑ ඔහු රැගෙන එයි. නමුත් සැබැවින්ම එය ස්වර්ගය වේ යැයි ඔහු පවසන දෑ නිරය වෙතැයි පැවසූහ.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

නබිවරුන් අතර එක් ඇහැක් අන්ධ දජ්ජාල් ගැන තම සමූහයාට අවවාද කළ කිසිදු නබිවරයකු නොවීය. සැබැවින්ම ඔහු අවසන් කාලයේ මිස පැමිණෙන්නේ නැත. අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මීට පෙර නබිවරුන් හා රසූල්වරුන් දජ්ජාල් සම්බන්ධයෙන් නොපැවසූ කරුණු පැහැදිලිව විස්තර කර සිටියහ. සැබැවින්ම ඔහු ජනයා අතර සැකය ඇති කරයි. ඔවුනට කුතුහලය ඇති කරයි. එවිට සැබැවින්ම කවරෙකු ඔහුට අවනත වන්නේ ද ඔහුව ඔහු ස්වර්ගයට ඇතුළත් කරන බවත් කවරෙකු ඔහුට පිටුපාන්නේ ද ඔහුව ඔහු නිරයට ඇතුළත් කරන බවත් සිතති. නමුත් යථාර්ථය ඊට පටහැනිව පවතී.

التصنيفات

අවසාන දිනය පිළිබඳ විශ්වාසය, අවසාන දිනය පිළිබඳ විශ්වාසය, අවසන් හෝරාවේ සලකුණු, අවසන් හෝරාවේ සලකුණු, නබිතුමාගේ දයාව (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!), නබිතුමාගේ දයාව (එතුමා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය අත් වේවා!)