සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.

සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.

අබූ හුරෙය්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයේ හදීසයකි.“සයිහාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන මේ සියල්ල ස්වර්ග ගංගාවන් අතුරිනි.“

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

මෙලොවෙහි පිහිටා ඇති සය්හාන්, ජය්හාන්, ෆුරාත් හා නය්ල් යන ගංගාවන් හතර ස්වර්ගයේ ගංගාවන් අතුරින් වන බව නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා වර්ණනා කළහ. ඇතැම් විද්වත්හු පවසන අන්දමින්, සැබෑ ලෙසින්ම ඒවා ස්වර්ගයේ ගංගාවන්ය. නමුත් මෙලොවට පහළ කරනු ලැබූ කල්හි මෙලොවෙහි ගංගාවන් ඒ මත ගලා ගොස් ඒවා මෙලොවෙහි ගංගාවන් බවට පත් වී ඇති බවයි.

التصنيفات

මතුලොව ජීවිතය, ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය