“ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත…

“ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ මූසා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: “ස්වර්ගයේ, සැබැවින්ම දේවත්වය විශ්වාස කරන්නාහට සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද සිදුරු සහිත කූඩාරමක් වෙයි. එහි උස සැතපුම් හැටකි. දේවත්වය විශ්වාස කරන්නාට ඔහු වැනි වෙනත් අය එහි වෙති. දේවත්වය විශ්වාස කරන එම තැනැත්තා ඔවුන් වටා සැරිසරයි. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙක්ව නොදකිනු ඇත.”

[صحيح] [متفق عليه]

الشرح

ස්වර්ගයේ ඇති ඇතැම් සුව පහසුකම් පිළිබඳව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දන්වා සිටියහ. සැබැවින්ම දේවත්වය විශ්වාස කළ මුඃමින්වරයාට ස්වර්ගයේ සමචතුරශ්‍ර හැඩයෙන් යුත් එකම පළිඟුවකින් නිමා කරන ලද විශාල කූඩාරමක් සතු වේ. එහි පළල හා අහස දෙසට වූ එහි උස සැතපුම් හැටකි. සෑම පැතිකඩකම කොණකම කෙළවරකම භාර්යාවන් සිටිති. ඔවුන් එකිනෙකා අනෙකාව නොදකිනු ඇත. දේවත්වය විශ්වාස කරන්නා ඔවුන් වටා සැරිසරනු ඇත.

فوائد الحديث

ස්වර්ග වාසීන්ට හිමි අති මහත් සැපත පිළිබඳ පැහැදිලි කිරීම.

ස්වර්ගයේ අල්ලාහ් සූදානම් කර ඇති සුවපහසුකම් පිළිබඳ පැහැදිලි කරමින් දැහැමි ක්‍රියාවන්හි නිරත වීම සඳහා කැමැත්ත ඇති කිරීම.

التصنيفات

ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය