إعدادات العرض
“මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන්…
“මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Kiswahili Português অসমীয়া Tiếng Việt ગુજરાતી Nederlands پښتو नेपाली Hausa മലയാളം Кыргызча Română Svenska ಕನ್ನಡ Српски తెలుగు ქართული Moore Magyar Kinyarwanda Македонски Čeština Українська Lietuvių Azərbaycan Wolof Malagasy Oromooالشرح
ශරීරයක් බිම ඇඳ වැටුනාක් මෙන් කලබලකාරී හඬකට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සවන් දුන්හ. තමන් හමුවේ සිටින සහගාමීන්ගෙන් එම හඬ පිළිබඳ විමසා සිටියහ. එවිට ඔවුහු: "ඒ ගැන අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යයි පවසා සිටියෝ ය. එවිට එතුමාණෝ ඔවුනට මෙසේ පැවසූහ: "සැබැවින්ම ඔබ සවන් දුන් එම හඬ වසර හැත්තෑවකට පෙර අපා ගින්නට හෙළනු ලැබ, දැන් එහි පතුළට වැටුණු ගලකි. ඔබට දැන් ඇසුණේ එම හඩ ය."فوائد الحديث
ධාර්මික ක්‍රියාවන් ඉටු කිරීම තුළින් අවසන් දිනය සඳහා සූදානම් වීමට දිරි ගැන්වීම හා අපා ගින්න ගැන අනතුරු ඇඟවීම.
මිනිසා නොදන්නා දැනුමක් වී නම්, එම දැනුම අල්ලාහ් වෙත ආරෝපණය කිරීමේ යෝග්‍යතාවය.
ගුරුවරයකු යමක් පැහැදිලි කිරීමට පෙර ඒ ගැන උනන්දුව හා අවධානය අවදි කිරීම. එය වටහා ගැනීමට පහසු වනු ඇත.
التصنيفات
ස්වර්ගයෙහි හා නරකාදියෙහි ස්වරූපය