මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන…

මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන වෙනත් පිරිසක් ගෙනැවිත් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව අයැදින්නට සලස්වා පසුව ඔහු ඔවුනට සමාව දෙයි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. නුඹලා පාපකම් නොකළේ නම්, අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් කරන වෙනත් පිරිසක් ගෙනැවිත් ඔවුන් උත්තරීතර අල්ලාහ්ගෙන් සමාව අයැදින්නට සලස්වා පසුව ඔහු ඔවුනට සමාව දෙයි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති මත දිවුරා මෙසේ ප්රකාශ කළහ. නුඹලා කිසිවිටෙක පව් සිදු නොකරන්නෙහු නම් අල්ලාහ් නුඹලාව පහකොට පාපකම් සිදු කළ පසු සැබෑ අධිෂ්ඨානයෙන් හා අවංක හදවතකින් පාපක්ෂමාව අයදින පිරිසක් ගෙනවින් ඔවුනට ඔහු සමාව දෙනු ඇත.

التصنيفات

(දික්ර්) තෙපලීම් හා බැඳුණු මහිමයන්