إعدادات العرض
ඔබට කරුණාව අත්වේවා! ඔබේ මිතුරාගේ ගෙල ඔබ සිඳ දැම්මෙහිය.
ඔබට කරුණාව අත්වේවා! ඔබේ මිතුරාගේ ගෙල ඔබ සිඳ දැම්මෙහිය.
අබූ බක්රා -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. සැබැවින්ම මිනිසෙකු පිළිබඳ නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඉදිරියේ මෙනෙහි කරනු ලැබීය. එවිට තවත් මිනිසෙකු ඔහු වෙත යහපත පවසා ප්රශංසා කළේය. එවිට නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ “ඔබට කරුණාව අත්වේවා! ඔබේ මිතුරාගේ ගෙල ඔබ සිඳ දැම්මෙහිය.“ යැයි පැවසූහ. එය වාර ගණනාවක් පවසා සිටි එතුමා තවදුරටත්, “ඔබ අතුරින් කිසිවකු අනිවාර්යයෙන්ම පැසසුම් කරනු ලැබිය යුතු නම්, මොහු මෙහෙම, මෙහෙම යැයි සිතමි. යැයි පවසත්වා! සැබැවින්ම ඔහු එසේම යැයි ඔහු දකින්නේ නම්, ඔහුට අල්ලාහ් ප්රමාණවත්ය. අල්ලාහ්ට වඩා පිවිතුරු කරන වෙන කිසිවකු නැත.“
[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Kurdî தமிழ்الشرح
මෙම හදීසයේ ඉතා භාග්යමත් සුන්නාවෙහි මග පෙන්වීම් ඉදිරිපත් කොට ඇත. මුස්ලිම්වරයා ඉහවහා ගොස් පැසසුම් කිරීමෙන් දුරස්ව සිටිනු ඇත. අහංකාරය හා පුදුමය ෂෙයිතාන්ගේ පිවිසුම් මාර්ගවලින් එකකි. ප්රශංසා කිරීමේදී ඉක්මවා ගොස් ප්රශංසා කිරීම ප්රශංසාවට ලක්වන්නා අහංකාරය හා ගර්වයෙන් ගිල්වනු ඇත. එවිට ඔහු විනාශ වී යයි. ප්රශංසා කිරීමෙහි හා පැසසුමට ලක් කිරීමෙහි මුස්ලිම්වරයා මධ්යස්තව කටයුතු කරයි. ජනයාගේ සියලු කටයුතු අල්ලාහ් සතු වෙයි. මිනිස් සිත් තුළ සැඟව ඇති දෑ මැනවින් දන්නා ඔහුය.التصنيفات
තහනම් වදන් හා දිවෙහි ආන්ත්රාවන්