“මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ…

“මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු” යැයි අල්ලාහ් දෙවිඳාණන් පවසයි.

අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු. නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් පමණක් ලියනු. එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු. එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු. එසේ ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඔහුට ඒ හා සමාන දහ ගුණයේ සිට හත්සීය ගුණය දක්වා ලියනු.”යැයි අල්ලාහ් පවසයි.

[පූර්ව සාධක සහිත හදීසයකි] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත]

الشرح

මෙය මිනිසුන්ගේ ක්රියාවන් ආරක්ෂා කිරීමටත් එය සටහන් කිරීමටත් නියම කරන ලද මලක්වරුන් හට අල්ලාහ් විසින් කරන ලද ප්රකාශයකි. මිනිසා කෙරෙහි වූ අල්ලාහ්ගේ මහිමය හා ඔහුගෙන් ලැබෙන සමාව මෙය පෙන්වා දෙයි. “මාගේ ගැත්තා යම් නපුරක් කිරීමට සිතූ විට, එය ඔහු සිදු කරන තෙක් නුඹලා එය ඔහුට එරෙහිව නොලියනු.” යන ප්රකාශය වනාහි, ක්රියාව යනු එය හදවතින් සිතා ශරීර අවයව තුළින් ක්රියාත්මක කිරීම අදහස් කෙරේ. මතුපිට අදහස එයයි. ඊට හේතුව සැබැවින්ම හදවතේ ඇති වන ක්රියාවද ගණන් ගනු ලබන බවත් ඒ සඳහා ප්රතිඵල පරිනමන බවත් මෙය පෙන්වා දී පැමිණ ඇති බැවිණි. උත්තරීතර අල්ලාහ් දෙවිඳාණන් මෙසේ පවසයි. “කවරෙකු එහි අපරාධයක් කිරීමට නැඹුරු වී එය අපේක්ෂා කරන්නේ ද අපි ඔහුට වේදනීය දඬුවමකින් දඬුවම් කරමු.” එමෙන්ම පූර්ව සාධක සහිත හදීසයක මෙසේ සඳහන් වෙයි. “මුස්ලිම්වරුන් දෙදෙනකු ඔවුන් දෙදෙනාගේ අසිපත්වලින් එකිනෙකා හමු වූ විට එසේ ඝාතනය කරන්නා ද ඝාතනය කරනු ලබන්නා ද අපා ගින්නේ වෙති.” එවිට ඔවුහු: එය ඝාතකයා සම්බන්ධයෙනි. නමුත් ඝාතනය කරනු ලැබූ තැනැත්තාගේ තත්ත්වය කෙසේද? යැයි විමසූහ. එතුමා “සැබැවින්ම ඔහු ද ඔහුගේ සහෝදරයාව ඝාතනය කිරීමට කැමැත්තෙන් සිටියේය.” යැයි දන්වා සිටියහ. මෙම මූලාශ්ර “කවරෙකු යම් නපුරක් සිදු කරන්නට අපේක්ෂා කළේ ද එය ඔහු සිදු කරන තෙක් නුඹලා සටහන් නොකරනු” යන අල්ලාහ්ගේ පොදු ප්රකාශය සීමා කරමින් නිවැරදි කර ඇත. නපුර සම්බන්ධයෙන් “එය ලියනු නොලැබේ” යන ප්රකාශයට පටහැනි වන්නේ නැත. සැබැවින්ම එය හදවතේ ස්ථාවරයත්වය හා යමක් ක්රියා කිරීමේ අධිෂ්ඨානය වන බැවිණි. “නමුත් ඔහු එය සිදු කළේ නම් ඒ සඳහා ඒ හා සමානයක් ලියනු.” ඉන් අදහස් කරන්නේ එක් පාපයක් පමණය. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු යහපතක් ගෙන ආවේ ද ඔහුට ඒ හා සමාන දස ගුණයක් හිමිය. කවරෙකු යම් නපුරක් ගෙන ආවේ ද ඒ හා සමාන දෙයකින් මිස ප්රතිඵල පිරිනමනු නොලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.” තවත් තැනක උත්තරීතරයාණන් මෙසේ ප්රකාශ කරයි. “කවරෙකු යම් නපුරක් කළේ ද ඔහුට ඒ හා සමාන දෙයකින් මිස ප්රතිඵල පිරිනමනු නොලැබේ. කවරෙකු දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට ඔහු පිරිමියකු හෝ කාන්තාවක හෝ වේවා යම් දැහැමි කටයුත්තක් සිදු කළේ ද එවැන්නන් ස්වර්ගයට පිවිසෙනු ඇත. එහි ඔවුනට කිසිදු ගණනයකින් තොරව පෝෂණය කරනු ලබති.” “එය ඔහු මා වෙනුවෙන් අත්හැරියේ නම් ඔහුට ඒ සඳහා යහපතක් ලියනු.” යන ප්රකාශය වනාහි, එය අතහැරීම යන කරුණ උත්තරීතර අල්ලාහ් වෙනුවෙන් යන කොන්දේසිය මත පනවා ඇත. එනම් ඔහුට බියෙන් හා ලැජ්ජාවෙන් යන්නයි. එය නොහැකියාවෙන් හෝ මැවීම්වලට බියෙන් හෝ වෙනත් යම් හේතුවක් උදෙසා ඔහු එය අතහැර දැමූ විට ඔහුට යහපතක් ලෙස ලියනු නොලැබේ. නමුත් ඇතැම් විට ඔහුට එය පාපකයක් ලෙස ලියනු ලබනු ඇත. “එමෙන්ම ඔහු යම් යහපතක් සිදු කිරීමට සිතා එය ඔහු සිදු නොකළේ නම් ඒ සඳහා ඔහුට යහපතක් ලියනු.” යන ප්රකාශයේ සිට එහි අවසානය දක්වා වනාහි: මෙය උත්තරීතර ගෞරවනීය පරිත්යාගශීලී අල්ලාහ්ගෙන් වූ ඔහුගේ ගැත්තන්හට වන මහත් භාග්යයකි. සියලු ප්රශංසා හා සියලු පරිත්යාග අල්ලාහ් සතුය. මීට වඩා අතිමහත් ගෞරවයක් කුමක් වනු ඇත්ද? යහපතක් සිතු විට පූර්ණ කුසලක් ඔහු වෙනුවෙන් ලියනු ලැබේ. දැහැමි කටයුත්තට කුසල් දහයේ සිට හත්සීය දක්වා ගුණ කර ලියනු ලැබේ. මෙම හදීසයේ මෙම ප්රකාශය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ඒ ගැන විස්තර කරමින් “අල්ලාහ් මෙසේ පවසයි. මාගේ ගැත්තා සිතූ විට” යන උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය සමග එකතු කළහ. මෙම ප්රකාශය ඔහුගේ පිළිවෙතින් විය. ඔහුගේ ගැත්තන් හට වූ ප්රතිඥාවක් විය. ඔවුන් කෙරෙහි වූ ඔහුගේ භාග්යයක් විය. එය කුර්ආනයේ වූ සඳහනක් නොවීය. එය මැවීමක සඳහනක් ද නොවීය. එය මැවීම්වල නොව උත්තරීතර අල්ලාහ්ගේ ප්රකාශය විය.

التصنيفات

සිත හා බැඳුණු ක්රියාවන්හි මහිමයන්