ඔබට මිය ගිය සතුන් වර්ග දෙකක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම්…

ඔබට මිය ගිය සතුන් වර්ග දෙකක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයාය. රුධිර වර්ග දෙක නම්, පීකුදු හා පිලාවය.

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමන්ලා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබට මිය ගිය සතුන් දෙදෙනෙක් හා රුධිර වර්ග දෙකක් අනුමත කරන ලදී. එසේ මිය ගිය සතුන් දෙදෙනා වනුයේ, මත්සයා හා ජුරාද් නම් පළගැටි වර්ගයාය. රුධිර වර්ග දෙක නම්, පීකුදු හා පිලාවය.“

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

الشرح

ඇතැම් ආහාර හා සම්බන්ධ ආගමික නීති පිළිබඳව ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හු- තුමා මෙසේ දන්වයි. පළමුවැන්න: මියගිය ජුරාද් නම් පළගැටි වර්ගයා හා මත්සයන් අනුමත කිරීමය. දෙවැන්න: රැධිර වර්ග දෙකක් අනුමත කිරීමය, එනම්, පීකුදු හා පිලාවය. මෙම නීති දෙක මියගිය දෑ හා රුධිරය තහනම් යන නීතියෙන් වෙන්වූ ව්යතිරේක නීති දෙකකි.

التصنيفات

පක්ෂීන් හා සිවුපාවන් අතුරින් අනුමත හා තහනම් දෑ, ආගමික නීතිය