කවරෙකුට වුළූ ධෝවනය නොමැත්තේ ද ඔහුට සලාතය නොමැත. කවරෙකු එහිදී උත්තරීතර අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළේ ද ඔහුට වුළූ…

කවරෙකුට වුළූ ධෝවනය නොමැත්තේ ද ඔහුට සලාතය නොමැත. කවරෙකු එහිදී උත්තරීතර අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළේ ද ඔහුට වුළූ නොමැත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ප්රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “කවරෙකුට වුළූ ධෝවනය නොමැත්තේ ද ඔහුට සලාතය නොමැත. කවරෙකු එහිදී උත්තරීතර අල්ලාහ්ගේ නාමය මෙනෙහි නොකළේ ද ඔහුට වුළූ නොමැත.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු මාජාහ් එය වාර්තා කර ඇත - ඉමාම් අබූ දාවූද් එය වාර්තා කර ඇත - අහ්මද් එය වාර්තා කර ඇත]

الشرح

අල්ලාහ්ගේ දූතයාණන් විසින් වාර්තා කළ මෙම හදීසයේ අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් දැනුම් දී ඇත්තේ: සැබැවින්ම වුළූ ගැනීමට පෙර "බිස්මිල්ලාහ්" යැයි පවසමින් අල්ලාහ්ගේ නාමය සඳහන් නොකළ තැනැත්තාගේ වූළූ ධෝවනය වලංගු නොවනවාක් මෙන්ම වුළූ නොගත් පුද්ගලයකුගේ සලාතය ද වලංගු නොවන බව එතුමාණන් තීන්දු කළ බවය. වුළූ ගන්නා අවස්ථාවේ බිස්මි පැවසීම අනිවාර්යය බවට මෙම හදීසය මූලික මූලාශ්රයකි. කවරෙකු එය උවමනාවෙන්ම අතහැරියේ ද ඔහුගේ වුළූ ධෝවනය වලංගු වන්නේ නැත. එමෙන්ම කවරෙකු අමතක වීමෙන් හෝ ආගමික නීතිය පිළිබඳ නොදැනුවත්කමින් එසේ වුළූ ගත්තේ ද ඔහුගේ වුළූ ධෝවනය නිවැරදිය.

التصنيفات

අර්ධ ධෝවනයේ ආචාරධර්ම හා වෛකල්පිත කරුණු