ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.

ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.

අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි. “ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.” හාකිම් තුමා විසින් වාර්තා කළ හදීසයක: “සැබැවින්ම එය (සංසර්ගය වෙත) නැවත හැරීමට වඩාත් උනන්දු කරවන්නකි.”

[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් හාකිම් එය වාර්තා කර ඇත - ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත]

الشرح

කවරෙකු තම පවුල සමග නැවත නැවතත් සංසර්ගයේ නිරත වීමට අපේක්ෂා කරන්නේ ද එවැන්නන් හට නබි තුමාගේ මඟ පෙන්වීම පැහැදිලි කරමින් මෙම හදීසය පැමිණ ඇත. එතුමාණෝ මෙසේ පැවසූහ. “ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට” එනම් මිනිසෙකු තම පවුල සමග සංසර්ගයේ නිරත වී පසුව දෙවන තුන්වන වතාවටත් ඇය සමග සංසර්ගයේ නිරත වන්නට ආශා කළේ නම් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පැවසූ පරිදි එතුමාගේ මඟපෙන්වීම වූයේ “ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.” යන්නෙනි. එනම් පළමුවර සංසර්ගයේ නිරත වීමෙන් පසු දෙවන වර සංසර්ගයේ නිරත වීමට පෙර යන්නයි. මෙහි වුළූ ධෝවනය යනුවෙන් අදහස් කර ඇත්තේ සලාතය සඳහා ගන්නා වුළූ ධෝවනයයි. සැබැවින්ම වුළූ ධෝවනය කිරීම යනුවෙන් භාවිතා කර තිබෙන විටෙක එය මූලික වශයෙන් දරණුයේ ආගමික පිළිවෙත පෙන්වා දෙන වුළූ ධෝවනයයි. ඉබ්නු හුසෙයිමා හා බයිහකී හි ඉතා පැහැදිලිව සඳහන්ව පැමිණ ඇත. එහි “සලාතය සඳහා ඔබ වුළූ ගන්නාක් මෙන් වුළූ ධෝවනය කරත්වා” මෙම වුළූ ධෝවනය මුස්තහබ් හෙවත් සතුටුදායක කරුණක් වන්නේය.

التصنيفات

ස්නානය කිරීම