إعدادات العرض
1- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙනුවෙන් ජනාබත් ස්නානය සඳහා මම ජලය ගෙනැවිත් තැබුවෙමි. එතුමාගේ දකුණතින් එතුමාගේ වම් අතට දෙවතාවක් හෝ තුන්වතාවක් හෝ වක් කොට පසුව තම ලිංගේන්ද්රිය සෝදා ගත්හ. පසුව තම අත පොළොවේ ඇතුල්ලුවේය.
2- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ජනාබත් තත්ත්වයෙන් (මිදීම සඳහා) ස්නානය කරන විට එතුමාගේ අත් දෙක සෝදා හැර පසුව සලාතය සඳහා වුළූ ගන්නාක් මෙන් වුළූ ගෙන පසුව ස්නානය කරන්නකු වූහ.
3- කවරෙකු ජනාබත් හෙවත් (අඹුසැමි ඇසුරෙන්) අනිවාර්යය වන ස්නානය ජුම්ආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නගන්නේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූ අයකු මෙන් වන්නේය.
4- ඔබ අතරින් කවරෙකු ජුමුආ සඳහා පැමිණෙන්නේ ද ඔහු ස්නානය කළ යුතු වේ.
5- ඔබ අතරින් කිසිවකු හෝ තම පවුල වෙත පැමිණ, පසුව ඇය වෙත නැවතත් යොමු වීමට අපේක්ෂා කළ විට ඒ දෙක අතර වුළූ ධෝවනය ඉටු කරත්වා.
6- කවරෙකු ජුමුආ දිනයේ වුළූ ධෝවනය කළේ ද එමගින් එය යහපත් විය. කවරෙකු ස්නානය කළේ ද එය වඩාත් උතුම්ය.
7- සෑම මුස්ලිම්වරයකු කෙරෙහිම පැවරෙන වගකීම වනුයේ සෑම දින හතක් තුළම එක් දිනයක ස්නානය කිරීමය. එහි දී ඔහුගේ හිස හා ඔහුගේ ශරීරය ඔහු සෝදා හරියි
8- ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ
9- “මම ජනාබත් තත්ත්වයේ පසුවීමි. එහෙයින්, මා පිරිසිදුකමින් තොර ව සිටියදී ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ එවිට නබි තුමාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නොවන්නේය”
10- මය්මූනා -රළියල්ලාහු අන්හා- තුමිය ස්නානය කොට ඉතිරි වූ ජලයෙහි සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණෝ ද ස්නානය කරන්නට වූහ.