إعدادات العرض
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන්…
ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ
කය්ස් ඉබ්නු ආසිම් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෙමි. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් කොළවලින් ස්නානය කර ගන්නා මෙන් මට නියෝග කළහ.
[පූර්ව සාධක සහිත හදීසයකි]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa Kiswahili ไทย پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली മലയാളം తెలుగు Bosanski Italiano ಕನ್ನಡ Kurdî Oromoo Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore Malagasy தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyarالشرح
කය්ස් ඉබ්නු ආසිම් ඉස්ලාමය වැළඳ ගැනීමේ අපේක්ෂාවෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියේය. එවිට එතුමාණෝ ජලෙයන් සහ මසන් ගසෙහි කොළවලින් ස්නානය කර ගන්නා මෙන් ඔහුට නියෝග කළහ. එසේ එම කොළ භාවිතා කිරීමට හේතුව පිරිසිදු කිරීම සඳහා ඒවා යොදා ගන්නා බැවින් සහ ඒවා මනා සුවදවත් වන බැවිනි.فوائد الحديث
දේවත්වය ප්‍රතික්ෂේප කළ අයකු ඉස්ලාමය තුළට පිවිසෙන අවස්ථාවේ ස්නානය කර ගැනීම ආගමානුගත කරන ලද්දකි.
ශරීරය මෙන්ම ආත්මය යන දෙකටම ඉස්ලාමය පිරිනමන ගෞරවය හා වැදගත්කම.
පිරිසිදු දේ සමඟ ජලය මිශ්‍ර කිරීමෙන් එය පිරිසිදුභාවයෙන් ඉවත් වන්නේ නැත.
සබන් වැනි නවීන පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය මසන් කොළවල ස්ථානයේ පවතී.
التصنيفات
ස්නානය අනිවාර්ය කරන කරුණු