إعدادات العرض
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.
අනස් ඉබ්නු මාලික් -රළියල්ලාහු අන්හු- තුමා විසින් වාර්තා කරන ලදී. මෙය මර්ෆූඃ ගණයට අයත් හදීසයකි.“නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- ඔටු පිට මත හජ් වන්දනා ඉටු කළහ. එතුමාගේ පොදි එහි විය.“
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉමාම් බුහාරි එය වාර්තා කර ඇත]
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Tiếng Việt Hausa മലയാളം தமிழ்الشرح
නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම් තුමාණන්- ඔටු පිට මත හජ් ඉටු කළහ. එහි ඔටු පිට මත තබන ලද දෝලාවක් නොවීය. එමෙන්ම එතුමාගේ ආහාර හා පොදි ඔසවාගෙන යන වෙනත් ඔටුවකු ද නොවීය. එතුමා එය එම ඔටුවා මතම තබා ගත්හ. එතුමාගේ චාම් ගතිය හා මෙලොව පිළිබඳ වූ අල්පකම මෙය පෙන්වා දෙයි. හජ් සඳහා උසස් ගණයේ සතුන් මත ගමන් කිරීම තහනම් යන්න මෙම හදීසය පෙන්වා නොදෙයි. නමුත් අල්ලාහ්ගේ දූතයාණන් -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමාණන්ව පිළිපැදීමක් වශයෙන් හජ් වන්දනාව සුඛෝපභෝගී හා සැප පහසුකම අඩු ගමනක් වීම වඩාත් උතුම්ය.التصنيفات
හජ් සහ උම්රා පිළිබද නීතිරීති