නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ…

නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.

නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.”

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

සුජූද්හි ඍජුව සිටින මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නියෝග කළහ. එය සලාත් ඉටු කරන්නා ඔහුගේ දෙඅත් මහපොළොව මත තබමින්; ඔහුගේ බාහු දෙක ඔසවා තබමින්; එය ඔහුගේ ඇල පැත්තෙන් දුරස්කොට තබමින් නිවැරදි ක්රමයට අනුව සුජූද් පිහිටීමය. සැබැවින්ම මෙම තත්ත්වය සලාතයේ අපේක්ෂා කරනු ලබන උනන්දුව හා කැමැත්ත සඳහා මාතෘකාවක් වන බැවිනි. සැබැවින්ම මෙම අලංකාර නිවැරදි ඉරියව්ව වනාහි, සුජූද්හි සියලුම අවයව නැමදුමෙහි කොටසක් ලබා ගන්නට ඒවාට ඉඩ සැලසෙන්නේය. සුජූද්හි තමන්ගේ අත් දෙක බිම දිගු කර තැබීම තහනම් කරනු ලැබ ඇත. සැබැවින්ම එය මැලිකමට හා නැඹුරුවට හේතුවක් වන බැවිණි. එහි සුනඛයාට සමානකමක් ඇත. එය සුදුසු නැති දෙයකට සමානකම් පාන්නකි.

التصنيفات

සලාතය ඉටු කරන ආකාරය