إعدادات العرض
1- නළලත් සමග තම නාසය, අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු දෙස තම අතින් පෙන්වා ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. වස්ත්රය හෝ කෙස් හෝ අප එකතු නොකළ යුතුය.
2- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී,වආෆිනී, වහ්දිනී, වර්සුක්නී යනුවෙන් පවසන්නෙකු වූහ.
3- “සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් එසවූහ.“
4- අල් කුර්ආනයේ සූරාවක් මට උගන්වනවාක් මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට තෂහ්හුද් ඉගැන් වූහ. - එවිට මාගේ අත එතුමාණන්ගේ අත් දෙක අතර විය.
5- නුඹලා සුජූද් හි ඍජු ව සිටිනු. සුනඛයා තම ඉදිරි පාද දෙක දිගු කරමින් සිටින සේ නුඹලාගෙන් කිසිවකු තම බාහු දෙක දිගු නොකළ යුතුය.
6- “ඉමාම් ආමීන් යැයි පැවසූ විට නුඹලා ද ආමීන් පවසනු. හේතුව කවරෙකුගේ ආමීන් පැවසීම මලක්වරුන්ගේ ආමීන් පැවසීමට සැසදෙන්නේ ද ඔහු පෙර කළ පාපයන් සඳහා ඔහුට සමාව දෙනු ලබන්නේය."
7- අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය
8- නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න
9- මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි
10- මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි
11- අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා'
12- සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි
13- එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න