إعدادات العرض
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී -…
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ
ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා) තුමා විසින් වාර්තා කරන ලදී: නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
الترجمة
العربية বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Tagalog Türkçe اردو 中文 हिन्दी Kurdî Hausa Português മലയാളം తెలుగు Kiswahili தமிழ் မြန်မာ ไทย Русский 日本語 پښتو Tiếng Việt অসমীয়া Shqip Svenska Čeština ગુજરાતી አማርኛ Yorùbá Nederlands ئۇيغۇرچە دری Magyar Italiano ಕನ್ನಡ Кыргызча Lietuvių Malagasy Kinyarwanda नेपाली Română Српски Soomaali Moore Deutsch Українська Български Wolof Azərbaycan ქართული тоҷикӣالشرح
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී මුස්ලිම්වරයකුට, වඩාත් අවශ්‍ය වන මෙම ප්‍රාර්ථනාවන් පහ පවසමින් ප්‍රාර්ථනා කළහ. එහි සමාව ඇයදීම, වැරදි වසන් කිරීම හා ඒවාට සමාව ලැබීම, කරුණාවේ ප්‍රදානය, සැක ආශාවන් හා ලෙඩ රෝගවලින් ආරක්ෂාව, සත්‍යය හා ස්ථාවරභාවයට මඟ පෙන්වන මෙන් අල්ලාහ්ගෙන් අයැදීම, දේව විශ්වාසය, දැනුම හා සත් ක්‍රියා යනාදියෙන් හා අනුමත පිවිතුරු ධනයෙන් පෝෂණය ලැබීම යනාදී මෙලොව හා මතුලොව යහපත දෑ එහි ඇතුළත් වෙයි.فوائد الحديث
සජදා දෙක අතර පිහිටි ඉඳුමෙහි මෙම ප්‍රාර්ථනාව කීම ආගමානුගත කරන ලදී.
මෙලොව හා මතුලොව යහපත මෙහි ඇතුළත්ව ඇති බැවින් මෙම ප්‍රාර්ථනාවට ඇති මහිමය.