සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්

සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්

11- කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්‍රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්‍රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු ‌නැත. සියලු ආධිපත්‍යයන් ඔහු සතු ය. සියලු ප්‍රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ