إعدادات العرض
අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම…
අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම “අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.” (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මමට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම අත් නොහරින්න.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි. අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම “අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.” (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මමට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම අත් නොහරින්න.”
[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් නසාඊ එය වාර්තා කර ඇත.]
الترجمة
عربي বাংলা Bosanski English Español فارسی Français Bahasa Indonesia Русский Tagalog Türkçe اردو 中文 हिन्दी Hausa Kurdî Kiswahili Portuguêsالشرح
ඉස්ලාමීය ආදරයේ සළකුණු අතරින් නව සළකුණක් මුආද් තුමාගේ හදීසයෙන් නිරූපණය වෙයි. එහි ඵලය යහපත වෙත මග පෙන්වීම හා උපදෙස් දීම විය. සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මුආද් තුමාට ‘ඇත්තෙන්ම මම ඔබට ප්‍රිය කරමි.’ යැයි පැවසූහ. තවදුරටත් එතුමා දිවුරා: අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්‍රිය කරමි.’ යැයි පැවසූහ. එසේ අපගේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා මුආද් (රළියල්ලාහු අන්හු) තුමාට ප්‍රිය කරන බවට දිවුරා පැවසීම ඔහුට හිමි වූ විශේෂ භාග්‍යයක් විය. ආදරය කරන්නා තම ආදරයට ලක්වූන්හට යහපත ගෙන දෙන දෑ මිස වෙනත් කිසිවක් රැස් කර දෙන්නේ නැත. සැබැවින්ම එය ඔහුට ප්‍රකාශ කළේ ඔහු වෙත ඉදිරිපත් කරන දෑ සඳහා සූදානම් කරවීමක් ලෙසය. ඊට හේතුව ඔහු වෙත ආදරයේ වචන තුළින් එය ඉදිරිපත් කරන බැවිනි. පසුව සෑම සලාතයකට පසුව එනම් අනිවාර්යය කරන ලද සෑම සලාතයකටම පසුව “අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.” (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබ මට උදව් කරනු මැනව!) පැවසීම අත් නොහරින මෙන් ඔහුට පැවසීය. සෑම සලාතයකට පසුව යනුවෙන් අදහස් කරනුයේ සලාමයට පෙර සලාතයේ අවසානයේ යන්නයි. ඇතැම් වාර්තාවල සඳහන්ව ඇත්තේ එලෙසය. සැබැවින්ම එතුමා සලාම් පැවසීමට පෙර එය පවසා ඇත. එයයි සත්‍යය. එය පිළිගනු ලැබූවක් මෙන්ම ‘පසුව’ යනුවෙන් කොන්දේසි පැනවීමෙන් අදහස් කරනුයේ සලාතයෙන් පසුවය යන්නයි. එනම් එය ප්‍රාර්ථනාවක් වී නම් සලාම් කීමට පෙර පිහිටිය යුතු අතර එය අනුවාදයක් නම් සලාම් කීමෙන් පසුව විය යුතුය. තෂහ්හුද් සම්බන්ධව ඉබ්නු මස්ඌද් තුමා වාර්තා කළ හදීසයේ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශය මෙම රීතිය පෙන්වා දෙයි.: “පසුව ඔහු කැමති හෝ වඩාත් ප්‍රිය කරන හෝ ඔහුට වඩාත් සතුට දනවන ප්‍රාර්ථානාවක් තෝරාගනිත්වා!” යනුවෙනි. එමෙන්ම සලාමයට පසු දික්ර් මෙනෙහි කිරීම පිළිබඳ පෙන්වා දෙන මූලාශ්‍රය වනුයේ අල්ලාහ්ගේ ප්‍රකාශයකි. එනම්: “නුඹලා (ජුමුආ) සලාතය නිමා කළ විට නැගී සිටිමින් ද වාඩි වෙමින් ද නුඹලාගේ ඇලපත් හාන්සි කරවමින් ද අල්ලාහ්ව මෙනෙහි කරනු.” ‘අඉන්නී අලා දික්රික’ යන ප්‍රකාශය වනාහි අල්ලාහ් වෙත සමීප කරවන සෑම වදනක් මෙන්ම අල්ලාහ් වෙත සමීප කරවන සෑම කරුණක්ම වන්නේය. එය අල්ලාහ්ව මෙනෙහි කිරීමෙන් හෝ ඔහුට කෘතඥවීමෙන් හෝ විය හැක. එනම්: ආශිර්වාද සඳහා මෙන්ම අත්වන ව්යසනයෙන්ගෙන් ආරක්ෂා කිරීම සඳහා කෘතඥ වීමය. අල්ලාහ් තම මැවීම්වලට කොතරම් ආශිර්වා කර ඇත්තේ ද කොතරම් ව්‍යසනයන්ගෙන් ඔහු ඔවුන් ආරක්ෂා කර ඇත්තේ ද එහෙයින් ඒ සඳහා අල්ලාහ්ට කෘතඥ විය යුතු වේ.التصنيفات
සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්