අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ තෘප්තිය තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද…

අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ තෘප්තිය තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද මම ඔබෙන් පතමි. ඔබට ප්රශංසා කිරීම මට ගණනය කළ නොහැක්කේය. ඔබව ඔබ ප්රශංසා කළ පරිදිම ඔබ වන්නෙහිය.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. “එක් රාත්රියක නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ව මට දැක ගන්නට නොහැකි වීය. පසුව මම සොයන්නට වූයෙමි. එවිට එතුමා රුකූ කරමින් හෝ සුජූද් කරමින් හෝ හිදිමින් මෙසේ පවසා සිටියහ. “සුබ්හානක වබිහම්දික ලා ඉලා ඉල්ලා අන්ත” (ඔබ ඔබේ ප්රශංසාව තුළින් සුවිශුද්ධය. ඔබ හැර වෙනත් දෙවියකු නැත.) තවත් වාර්තාවක ‘එතුමා මස්ජිදයේ සිටියදී මම මගේ අත එතුමාගේ පාද දෙක මධ්යයේ තැබුවෙමි. ඒ දෙක සිටුවා ගත් තත්ත්වයේ තිබිණි. එතුමා මෙසේ ප්රාර්ථනා කරමින් සිටියහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදු බිරිළාක මින් සකතික, වබිමුආෆාතික මින් උකූබතික, වඅඌදු බික මින්ක, ලා අහ්සී සනාඅන් අලයික අන්ත කමා අස්නයිත අලා නෆ්සික” (අහෝ අල්ලාහ්! ඔබේ කෝපය වෙනුවට ඔබේ තෘප්තිය තුළින් ද ඔබේ දඬුවම වෙනුවට ඔබේ සුවය තුළින්ද සැබැවින්ම මම ආරක්ෂාව පතමි. තවද මම ඔබෙන් වූ ආරක්ෂාවද මම ඔබෙන් පතමි. ඔබට ප්රශංසා කිරීම මට ගණනය කළ නොහැක්කේය. ඔබව ඔබ ප්රශංසා කළ පරිදිම ඔබ වන්නෙහිය.)

[පූර්ව සාධක සහිත හදීසයකි.] [ඉමාම් මුස්ලිම් එය වාර්තා කර ඇත.]

الشرح

මෙම හදීසයේ ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය දන්වා සිටිනුයේ සැබැවින්ම එක් රාත්රියක ඇයට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සොයා ගන්නට නොහැකි වූ බවත් එතුමාණන් නිදියහනේ තමන්ට නොදකින්නට ලැබුණු බවත්ය. පසුව ඇය එතුමාණන්ව සෙව්වාය. එතුමා වෙනත් බිරියක් වෙත ගොස් ඇත්තේදැයි ඇය අනුමාන කරන්නට වූවාය. පසුව එතුමාණන් රුකූ හෝ සුජූද් ඉරියව්වෙහි ‘සුබ්හානක වබිහම්දික ලා ඉලා ඉල්ලාහ් අන්ත’ යනුවෙන් ප්රාර්ථනා කරමින් සිටිනු දුටුවාය. එනම් ‘ඔබට සුදුසු නොවන සියලු දැයින් මම ඔබව පිවිතුරු කරමි. ඔබේ සියලු කාර්යයන් වෙනුවෙන් මම ඔබට ප්රශංසා කරමි. ඔබ පැසසුමට හා පොදු ප්රශංසාවට අයත් වන්නාය. නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. තවත් වාර්තාවක ඇය එතුමාණන් සොයන අවස්ථාවේ ඇගේ අත එතුමාණන්ගේ පාද දෙක මධ්යයේ තැබීය. ඊට හේතුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ හැඩරුව දැකිය නොහැකි තරමට ආලෝකයක් එහි නොවූ බැවිනි. ඇය තම අත එතුමාණන් මත ගැටෙන තෙක් එහා මෙහා ගෙන ගියාය. ඇය එතුමාව දුටුවාය. එවිට එතුමාණන් මෙසේ ප්රාර්ථනා කරමින් සිටියහ. “අල්ලාහුම්ම ඉන්නී අඌදු බිරිළාක මින් සකතික” එනම්: මෙතැනින් මෙතැනට මම යොමු වූයෙමි යන අදහසයි. සැබැවින්ම කරුණ එකිනෙකට පරස්පරව පිහිටා ඇත. එනම් තෘප්තියට විරුද්ධව කෝපය. ඒ අනුව එතුමා අල්ලාහ්ගේ කෝපය වෙනුවට ඔහුගේ තෘප්තිය තුළින් ආරක්ෂාව පැතීය. “වබිමුආෆාතික මින් උකූබතික’ එනම් ඔබේ දඬුවම වෙනුවට ඔබේ සමාව තුළින් ආරක්ෂාව පතමි. “වඅඌදු බික මින්ක” එනම් අල්ලාහ් වෙතින්ම වූ ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතමි. ඊට හේතුව මිදීමට හෝ ආරක්ෂාව ලබන්නට හෝ අල්ලාහ් වෙත හැර වෙනත් තැනක් නොමැති බැවන් හා අල්ලාහ්ගේ දඬුවමින් ඔහු හැර ඔබව මුදවා ගන්නට වෙනත් කිසිවකු නොමැති බැවිනි. “ලා උහ්සී සනාඅන් අලයික” ප්රශංසාව තුළ ඔබ ඉහවහා ගොස් ඇති බැවින් ඔබට සුදුසු ප්රමාණයෙන් ප්රශංසා කිරීමට මට නොහැකිය. ඔබට සුදුසු ප්රමාණවත් තරමට මාගේ පැසසුම ඔබ වෙත ළඟා කිරීමට මම අපොහොසත් වෙමි. ‘ඔබ ඔබව ප්රශංසා කළ පරිදි ඔබ සිටින්නෙහිය.’ එනම් ඔබ කෙරෙහි ඔබව කවර අයුරින් ප්රශංසා කර ඇත්තේ ද එවන් ප්රශංසාවන් තුළින් ඔබව පැසසුමට ලක් කිරීමය. අල්ලාහ් ඔහු ගැන ප්රශංසා කර ඇති පරිදි වෙනත් කිසිවකු විසින් ඔහු ප්රශංසා කිරීමට නොහැකිය.

التصنيفات

සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්