අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ රුකූඃහි හා එතුමාගේ සුජූද්හි “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා…

අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ රුකූඃහි හා එතුමාගේ සුජූද්හි “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් අධිකව පවසන්නෙකු වූහ.

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී. ‘ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් ප්රකාශ කිරීමෙන් මිස සලාත් ඉටු කළේ නැත. තවත් ප්රකාශයක: “අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාගේ රුකූඃහි හා එතුමාගේ සුජූද්හි “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් අධිකව පවසන්නෙකු වූහ. යැයි සඳහන්ව ඇත.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය මෙම හදීසයෙහි මෙනෙහි කර ඇති කරුණ වනුයේ, සැබැවින්ම අල්ලාහ් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට සූරා අන්-නස්ර් පහළ කළ අවස්ථාවේ එම ජයග්රහණය හා මක්කා ජයග්රහණය යන සංඛේතය එතුමා දුටු කල්හි නස්ර් පරිච්ඡේදයේ සඳහන් ‘ඔබේ පරමාධිපතිව ඔහුගේ ප්රශංසාව සමග පිවිතුරු කරනු. ඔහුගෙන් සමාව අයදිනු” යන පාඨයේ ප්රකාශිත අල්ලාහ්ගේ නියෝගය පිළිපදින්නට එතුමා යුහුසුළු වූහ. ඒ අනුව එතුමා “සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී’ “අහෝ අල්ලාහ් ඔබේ ප්රශංසාව තුළින් ඔබ සුවිශුද්ධය. මට සමාව දෙනු මැනව! මෙම වදන් අල්ලාහ්ට ප්රශංසා කිරීම කිරීමත් සමග සියලු අඩුපාඩුවලින් ඔහුව පිවිතුරු කිරීමත් ඇතුළත් වී ඇත. අවසානයේ සුවිශුද්ධයාණන්ගෙන් සමාව අයදීමෙන් අවසන් වී ඇත. එතුමාණන් අනිවාර්යය සලාතයක් හෝ වේවා අතිරේක සලාතයක් හෝ වේවා එහි රුකූහි හා සුජූද්හි මෙය කියවීමෙන් තොරව සලාත් ඉටු කළේ නැත. මෙම සූරාව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අවසන් මොහොත ළඟා වී ඇති බවට සළකුණක් විය.

التصنيفات

සලාතය තුළ කිවයුතු (දික්ර්) තෙපලීම්