“සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර්…

“සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් එසවූහ.“

අබ්දුල්ලාහ් ඉබ්නු උමර් -රළියල්ලාහු අන්හුමා- තුමා විසින් වාර්තා කරන ලදී. “සැබැවින්ම නබි -සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්- තුමාණෝ සලාතය ආරම්භ කරන විට ද රුකූඋ සඳහා අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට ද තම දෑත් තම උරහිස ට සමාන්තර ව ඔසවන්නෙකු වූහ. රුකූඋවෙහි සිට තම හිස ඔස වන විට ද එලෙසම එතුමා තම දෑත් ඔසවා සමිඅල්ලාහු ලිමන් හමිදා රබ්බනා වලකල් හම්දු යැයි පැවසූහ. එතුමා සුජූද්හි එලෙස සිදු නොකළහ.

[පූර්ව සාධක සහිත හදීසයකි.] [බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.]

الشرح

සලාතය යනු අති වැදගත් නැමදුමකි. ශරීරයේ ඇති සෑම අවයවයකටම එහි විශේෂ නැමදුම් ක්රියාවක් ඇත. ඒ අතරින් අත් දෙකද අවයවය දෙකකි. ඒ දෙකට ඇතැම් කාර්යයන් ඇත. ඒවා අතුරින් ආරම්භ තක්බීරය අවස්ථාවේ එම දෑත් එසවීමය. එසේ එසවීම සලාතය අලංකාරවත් කරන්නකි. තවද අල්ලාහ්ට ගරුබුහුමන් කිරීමකි. දෙඅත් තම උරහිසට සමාන්තරව එසවීම සිදු විය යුතුය. එමෙන්ම සියලුම රකආතයන්හි රුකූ සඳහා යන විට දෑත් එසවිය යුතුය. සෑම රකආතයකම රුකූවෙන් තම හිස ඔසවන විටද දෑත් එසවිය යුතුය. මෙම හදීසය වාර්තාකරු ඉතා ප්රසිද්ධියේ පවසා ඇත්තේ, නියත වශයෙන්ම නබි -සල්ලල්ලාහු අලය්හි වසල්ලම්- තුමා සුජූද් හි- එය නැමීමක් හා පහළට වීමක් වූවද- එසේ සිදු නොකළ බවය.

التصنيفات

සලාතය ඉටු කරන ආකාරය