අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී…

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි

සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර් තා කරන ලදී: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි."

[صحيح] [رواه مسلم]

الشرح

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය හොදින්ම පෙනෙන තෙක් පළමු සලාමයේදී තම දකුණු දෙසටත් දෙවන සලාමයේ දී වම් දෙසටත් හැරී සලාම් දෙන ආකාරය තමන් දැක ඇති බව සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා වාර් තා කර ඇත.

فوائد الحديث

දකුණු දෙසට හා වම් දෙසට උපරිම ලෙස මුහුණ හැරවීම ආගමානුගත කරන ලද්දකි.

දකුණු දෙසට හා වම් දෙසට සලාම් දෙකක් පැවසීම ආගමානුගත කරන ලද්දකි.

නවවි තුමා මෙසේ පවසයි: තම දකුණු දෙසට හෝ වේවා වම් දෙසට හෝ වේවා ඉදිරිපසට හෝ වේවා එසේත් නැතහොත් පළමුව වම් දෙසටත් දෙවනුව දකුණු දෙසටත් යනාකාරයෙන් සලාම් දෙකක් පවසා සිටියේ නම් ද ඔහුගේ සලාතය වලංගු වන අතර ඔහු සලාම් දෙක ලබා ඇත. එනමුත් ඒ දෙකෙහි නිසි ක්‍රමය පිළිපැදීමේ මහිමය මඟ හැරෙනු ඇත.

التصنيفات

සලාතයේ වෛකල්පිත කරුණූ, සලාතය ඉටු කරන ආකාරය