إعدادات العرض
1- නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ එතුමාගේ පාවහන් යුවල පැළඳ සලාත් ඉටු කරන්නෙකු ලෙස සිටියෙහු ද? යැයි මම අනස් ඉබ්නු මාලික් තුමාගෙන් විමසුවෙමි. එතුමා: එසේය යැයි පිළිතුරු දුන්නේය.
2- “සලාතය ඉටු කරන්නා ඉදිරියේ හරහට ගමන් කරන්නා තමන් ට අත්වන පාපය කුමක් දැ?යි දැන ගන්නේ නම් එසේ ඉදිරියේ හරහ ට ගමන් කරනවා ට වඩා රැඳී සිටිම ඔහුට හතළිස් වාරයක් යහපත් වනු ඇත.“
3- “මිනිසුන්ගෙන් තමන් ආවරණය කරන යම් වස්තුවක් ඉදිරියේ ඔබ අතුරින් කෙනෙකු සලාතය ඉටු කරන විටක, ඒ අතරින් කෙනෙකු හරහට යෑමට සිතුවේ නම් ඔහු ව වැළැක්විය යුතුය. එයට ඔහු පිටුපෑවේ නම් ඔහු සමග සටන් වැදිය යුතුය. සැබැවින්ම ඔහු ෂෙයිතානුවෙකි.”
4- (සලාතය සඳහා වන) ඇරයුමෙහි හා පළමු පේළියේ පවතින දෑ (මහිමය) මිනිසුන් දැනගෙන සිටියා නම්, පසුව ඒ වෙත කුසපත් ඇදීමෙන් මිස එය ඔවුනට ලබා ගත නොහැකි වී නම්, ඔවුන් (ඒ සඳහා) කුසපත් අදිනු ඇත