إعدادات العرض
මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි…
මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. "මිනිසා අතරින් සොරකමින් ඉතා නපුරුම තැනැත්තා තම සලාතය සොරකම් කරන්නාය" ඔහු: තම සලාතය සොරකම් කරන්නේ කෙසේද? යැයි විමසීය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි."
[පූර්ව සාධක සහිත හදීසයකි] [ඉබ්නු හිබ්බාන් එය වාර්තා කර ඇත]
الترجمة
العربية English မြန်မာ Svenska Čeština ગુજરાતી Yorùbá Nederlands اردو Bahasa Indonesia ئۇيغۇرچە বাংলা Türkçe हिन्दी Tiếng Việt Hausa Kiswahili پښتو অসমীয়া دری Кыргызча Lietuvių Kinyarwanda नेपाली తెలుగు Bosanski ಕನ್ನಡ Kurdî മലയാളം Română Soomaali Shqip Српски Українська Wolof Tagalog Moore தமிழ் Azərbaycan فارسی ქართული 中文 Magyar Português Deutsch Русский አማርኛ Italiano bm Македонски Malagasy Oromoo ភាសាខ្មែរالشرح
මිනිසුන් අතර සොරකමෙහි වඩාත් කැතම සොරා වනුයේ සලාතයෙදී සොරකම් කරන තැනැත්තාය. හේතුව වෙනත් අයගෙන් සොරාගත් මුදල් නම්, ඇතැම් විට ඔහුට එය මෙලොවෙහි ප්‍රයෝජනවත් වන්නට පුළුවන. නමුත් මෙම සොරා ඊට වඩා වෙනස්ය. ඔහු සොකරම් කරන්නේ තමන්ගේම කුසල් හා ප්‍රතිඵල වේ. ඔවුහු: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔහු ඔහුගේ සලාතය සොරකම් කරන්නේ කෙසේ ද?' යැයි විමසා සිටියෝය. එතුමාණෝ: 'ඔහු එහි රුකූඋ හා එහි සුජූදය පූර්ණවත් නොකරයි' යැයි පැවසූහ. එනම් රුකූඋ හා සුජූද් හි ඉක්මන් වීම හා ඒ දෙක පූර්ණවත් අයුරින් ඉටු නොකිරීමය.فوائد الحديث
සලාතය අලංකාරව හා ඒවායෙහි මූලිකාංග පිළිපදිමින් තැන්පත්ව හා ශ්‍රද්ධාවෙන් යුතුව ඉටු කිරීමේ වැදගත්කම.
තම රුකූඋ හා තම සුජූදය පූර්ණවත්ව ඉටු නොකරන්නා එයින් බැහැර වන සොරෙකු බව විස්තර කර ඇත. එය තහනම් ක්‍රියාවක් බව ද අවධාරණය කර ඇත.
සලාතයේ රුකූඋ හා සුජූද් ඉරියව්වන් මෙන්ම ඒ දෙක අතර පවතින ඉඃතිදාල් ඉරියව්ව ද පූර්ණවත් කිරීම අනිවාර්යය වේ.