ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න

ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළ බව බරාඃ (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී: "ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න."

[صحيح] [رواه مسلم]

الشرح

සලාතයේ සුජූද් ඉරියව්වෙහි දෙඅත් තිබිය යුතු ආකාරය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ පැහැදිලි කළහ. එනම් අත් දෙක පොළොවෙහි තරකර තබා, ඇඟිලි ද කිබ්ලා දෙසට දිගු හැර, වැළමිට - එනම් අත හා බාහුව සන්ධි වන ස්ථානය - භූමිය ස්පර්ශ නොවන සේ ඔසවා තබා ඇළපත් දෙකින් ඒ දෙක ඈත් කර තබා ගැනීම ය.

فوائد الحديث

තම අත් දෙක පොළව මත තැබීම සලාත් ඉටු කරන්නාට අනිවාර්යය වේ. සැබැවින්ම අත් දෙක සුජූද්හි අවයව හත අතරින් අවයව දෙකකි.

වැළමිට පොළොවෙන් ඔසවා තැබීම සතුටුදායක ක්‍රියාවකි. මෘග සතුන් උන්ගේ අත් පොළොවෙහි දිගා කර තබනවාක් මෙන් ඒ දෙක දිගාකර තබා ගැනීම පිළිකුල් සහගතය.

නැමදුම තුළ ප්‍රියමනාපය, උනන්දුව හා හැකියාව විදහා පෑම ආගමානුගත කළ කරුණකි.

සලාත් ඉටු කරන්නා සුජූදයට අදාළ සියලුම අවයවයන් නිසි අයුරින් තබන විට නැමදුමට අදාළ ඒ සෑම අවයවයකම අයිතිය ඔහු විසින් ඉටු කරනු ලබනු ඇත.

التصنيفات

සලාතය ඉටු කරන ආකාරය